සිරුර පැහැපත් රණවරා වෙන්න බොන්න


කොළ කැඳ නම ඇසූ පමණින්ම ඔබට අමතක කරන්නට බැරි කොළ වර්ගයක් සිහියට නැගෙනවා නොඅනූමානයි. ඒ රණවරා ශාකයයි. එය, ඒ තරමටම රසවත් හා ගුණවත් බවින් පිරි නිසාවෙනි.

එය අප ආහාරයක් ලෙස පිළියෙල කළත් එහි තිබෙන ඖෂධ ගුණයේ වටිනාකම පිළිබඳවත් දැනූවත් විය යූතු නිසා අපි මේ ලිපියෙන් රණවරා ශාකයේ වගතුග දැනගනිමූ.

රණවරා ශාකය දේශීය ආයූර්වේදයේ ඉතා වටිනා ඖෂධයක් හැටියට හඳුන්වා දීමට හැක. ශිම්භි කුලයට අයත් මෙම ශාකය ඉන්දියාව කුජරාක් ප්‍රාන්තයේ, රාජස්ථාන්, ශ්‍රී ලංකාව වැනි රටවල වියළි ප්‍රදේශවල වැවේ.

එකට එක්වූණූ සංවෘත්ත පත්‍රවලින් හෙබි රණවරා ශාකය විශේෂ ලකෂණයක් ලෙස පෙන්වා දිය හැක්කේ පත්‍ර කන්පෙති හැඩැති වීමයි.

පූරාණයේ සිට ඖෂධ ලෙසටත්, ඖෂධීය පානයක් හැටියටත් යොදාගෙන ඇත. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට සහ ශාකයේ සියලුම අංග ප්‍රයෝජනය සඳහා යොදාගනී.

රණවරා කැඳ ඉතා රසවත් පානයකි. එයින් ඔබට අවශ්‍ය පෝෂණ ගුණය ලබාගත හැකි අතර අප එතරම් ප්‍රිය නොකළත් රණවරා මල් ද ඉතා ගුණවත් ඖෂධ පානයකි. පැරණි අපේ වැඩිහිටි උදවිය තේ වෙනූවට රණවරා මල් තම්බා පානය කළේ එහි තිබෙන ගුණය නිසාමය. එහි සිරුර සිසිල් කර විඩාබර බව දුරු කිරීමට හා සිරුර පැහැපත් කිරීමේ ගුණය ඇති හෙයිනි.

සිංහල ආයූර්වේදයේ රණවරා පිත, සෙම සමනය කරයි. රත්ත පිත සමනය කරයි. බඩවැල්වල රුධිරය ගලන අවස්ථාවලදී ද ගුණ ලබාදෙයි. පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරීවන මෙය සිරුරේ දද, කුෂ්ඨ, පණූ රෝග, මූත්‍රා රෝග ආදියට ද ගුණදායක ඔසූවකි.

රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට යොදාගනූ ලබන ඖෂධ සඳහා භාවිත කරන අතර සිරුර ඉදිමූණූ අවස්ථාවලදී ද යොදාගැනේ.

සිරුරේ තුවාල සඳහා යොදාගනූ ලබන තෙල් සඳහාත් මූඛයේ හටගෙන තිබෙන තුවාල සූවකිරීම සඳහාත් යොදාගනී.

ලස්සන රුවකට උරුමකම් කීමට ඔබ කැමති නම් මෙය ඉතා හොඳ ස්වභාවික රූපලාවන්‍ය ඔසූවක් හැටියටත් පෙන්වා දිය හැක. මෙයින් සිරුර පැහැපත්වීම හා රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හිමිවී තිබෙන නිසාය.

රණවරා ශාකයේ ඇට වියළා කුඩූකර කෝපි මෙන් සාදා පානය කිරීමෙන් හෘද රෝගීන්ට සහ කැරකැවිල්ල සෑදෙන රෝගීන්ට මාහැඟි ඔසූවකි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips