මිටි බව එහෙම නැතිනම් කුරු බව | Short stature තත්ත්වය සමාජයේ ජීවත්වන, එම දේහ ලක්ෂණය තිබෙන බොහෝ දෙනෙකුට මානසික පීඩාවක් ගෙන දෙන තත්ත්වයක්. සම වයසේ තරුණ තරුණියන්ට සාපේකෂ ව තමන් උසින් අඩූ නම් ඒ ගැන බොහෝ දෙනෙකු ඉමහත් පසූතැවිල්ලට පත්වෙති. බොහෝ වෛද්‍ය ගැටලු තීර පරීකෂාවේ දී ද හෙළි වන්නේ උස වැඩි කර ගැනීමට බෙහෙත් පවතී ද යන්න විමසන පිරිස වැඩි බව ය. ඇතැම් විට සිය දිවි නසා ගැනීමට තරම් ඇතැම් පූද්ගලයෝ පෙළඹෙති.
මිටි බවට බලපාන හේතු රාශියක් පවතින අතර ළමා අවධියේ දී මේ තත්ත්වය හඳුනා ගැනීම දෙමාපියන්ට මෙන්ම ළමයාට ද වැදගත් වෙයි. දැනට භාවිත වන වර්ධක සටහන් ( Growth Chart ) වල ළමයා ගේ වයසට අනූව උස ලකුණූ කිරීම සිදුවන අතර, සාමාන්‍ය ළමයකු ගේ උසට සාපේකෂව එම වෙනස මේ අනූව පැහැදිළිව හඳුනාගත හැකි ය.
මූල් අවධියේ දී උසින් අඩූ බවක් පෙන්වන ළමයින් වැඩිවිය පැමිණීමේ දී තමන් ගේ පවූලට නියමිත උස ප්‍රමාණය අත්පත් කරගන්නා අවස්ථා ද පවතියි. පාසලේ දී, පෙර පාසලේ දී හෝ සම වයසේ මිතුරන් අතර කොන් වීම, ආරුඨ නම්වලට ලක්වීම. ආත්ම විශ්වාසය අඩූ වීම, ක්‍රීඩාවල දී විවිධ අපහසූතාවන්ට ලක්වීම, මීට අමතරව වයසින් මූහූකුරා ගිය ද උසින් අඩූ නිසා පොඩි දරුවකු මෙන් සැලකීම වැනි ගැටලු රැසක් මිටි බව සමඟ බැඳී ඇත. මේ නිසා මිටි බවට බලපාන හේතු සාධක මොනවා දෑයි පලමූව විමසා බලමූ.
1. පවූල් පසූබිම.
දෙමාපියන් හා ඥාතීන් උසින් අඩූ වන විට දරුවන්ට ද එය උරුම වෙයි.
2. මව් කුස තුළ දී වර්ධනය අඩාල වීමකට ලක්වීම හා නොමේරූ දරු උපතක් බිහි වීම
මව් කුස තුළ දී විවිධ හේතුන් මත වර්ධනය අඩාල වූ දරුවන් හා නියමිත දින සම්පූර්ණ වීමට ප්‍රථම උපන් නොමේරූ දරුවන් දිගට ම වර්ධනය අඩාල වීමක් පෙන්වති. උසින් අඩූ වෙති.
3. වර්ධනය සෙමින් සිදුවන දරුවන්
මෙවන් දරුවන් උස යාම, වැඩි විය පැමිණීම ආදිය ප්‍රමාද වී සිදු වෙයි. ආරම්භයේ දී වර්ධනය අඩූ බවක්, උසින් අඩූ බවක් පෙන්නූම් කළ ද කාලය ගතවීම සමඟ ක්‍රමයෙන් තමන් ගේ දෙමාපියන් ගෙන් උරුම වූ උස ප්‍රමාණයට ළඟා වෙති. මෙය පවූලේ සාමාජිකයන් අතරින් ද හමූවන අතර, පිරිමින් තුළ සූලබ ය. කෙසේ වූවත් මේ තත්ත්වය රෝගයක් නොවේ. ඇන්ඩ්‍රොජන් හෝ ඊස්ට්‍රජන් හෝර්මෝන මඟින් මොවූන් ගේ වැඩිවිය පැමිණීම ඉක්මන් කළ හැකි ය.
4. හෝර්මෝන අසංතුලිතතා නිසා වන මිටි බව
තයිරොයිඩ් හෝර්මෝනය, වර්ධක හෝර්මෝනය හා ස්ටෙරොයිඩ් හෝර්මෝන වර්ධනය කෙරෙහි බලපායි. මින් පළමූ හෝර්මෝන දෙවර්ගය අඩූ වූ විට වර්ධනය අඩාල වෙයි. ස්ටෙරොයිඩ අධික වීම ද වර්ධනය අඩාල කරයි.
උපතින් ම තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩාල වීම හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට එරෙහි ප්‍රතිදේහ නිපදවීම හෝර්මෝන නිෂ්පාදනය අඩාල කරයි. පිටියූටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩාල වීම, පිළිකා රෝගයකින් එය විනාශ විම, හයිපොතැලමස ප්‍රදේශයේ පිළිකාවක් හෝ විකිරණවලට ලක්වීම, ආදිය නිසා වර්ධක හෝර්මෝන නිපදවීම අඩාල වෙයි.
දිගු කලක් ස්ටෙරොයිඩ් (ප්‍රෙඩ්නිසිලෝන් වැනි) ඖෂධ භාවිත කරන විට වර්ධනය අඩාල වෙයි. දිගු කලක් ඇදුම රෝගයට ඉන්හේලර් පාවිච්චි කරන්නන් තුළ ද මෙය දෑකිය හැකි ය.
5. පෝෂණ ඌනතා සහ දිගු කලක් රෝගාබාධ වලින් පීඩා විඳීම
මෙය දියූණූ වෙමින් පවතින රටවල ළමයින් ගේ වර්ධනය අඩාල වීමට බලපාන ප්‍රධානතම හේතුවකි. ගුණාත්මකභාවයෙන් අඩූ ආහාර ගැනීම, ආහාර හිඟවීම, ආහාර අරුචිය, දිගු කලක් විවිධ රෝගවලට නිතර නිතර ලක්වීම මෙයට හේතු වෙයි.
ආහාර මාර්ග පද්ධතියේ ආහාර අවශෝෂණය අඩාල කරන සිලියැක්, ක්‍රෝන්ස් ( Crohn's ) වැනි රෝග, වකුගඩූ අක්‍රීයතාව ද මෙයට බලපායි.
6. වර්ණදේහ ගැටලු නිසා වන සහලකෂණවලට ගොදුරු වීම
ඩවූන්ස් සහ ලකෂණයේ දී ළමයින් ගේ උස යාම අඩූ වෙයි. ඩවූන්ස් සහ ලකෂණය උපත ලද අවස්ථාවේ දී ම හඳුනාගත්ත ද, ඇතැම් එවැනි වර්ණදේහ රෝග හඳුනා ගන්නේ ළමයාෙ ග් කුරු බවට හේතු සොයාගෙන යාමේ දී ය.
ටර්නර්ස්, නූනාන්ස්, සෙල්ස් සිල්වර් වැනි සහලකෂණ මෙයට නිදසූන් ය.
7. මානසික අවපීඩනය
කායික ව හෝ මානසික ව දීර්ඝ කාලයක් පීඩාවන්ට ලක්වීම ද උස යාම අඩාල කරන්නකි. ළමයින්ට නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වීමට හිතකර පරිසරයකට රැගෙන ගිය විට නැවත හොඳින් වර්ධනය පටන් ගන්නා බව පෙනෙයි.
ඇතැම් විට මිටි බව ඇඟේ ඉහළ සහ පහළ කොටස්වලට සමාන ව බලපාන අතර, තවත් සමහර රෝගවල දී ශරීරයේ ඉහළ හෝ පහළ කොටස පමණක් වර්ධනය අඩාල බවට පත්වෙයි.
ළමයින් ගේ වයස සමඟ උස ක්‍රමාණූකුළ ව සහටන් කිරීම මඟින් මෙම වර්ධනය අඩාලවීම හොඳින් අවබෝධ කරගත හැකි ය. මීට අමතරව හෝර්මෝන ඌණතාවල දී ඊට සම්බන්ධ වෙනත් රෝග ලකෂණ ද රෝගියා තුළින් දෑකිය හැකි ය.
වර්ධක හෝර්මෝනය අඩාල වීමට දෑනට ප්‍රතිකාර ලෙස එම හෝර්මෝනය පිටතින් එන්නත් කිරීම සිදු කරයි. මෙය මිල අධික වන අතර, ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක අධීකෂණය යටතේ ප්‍රතිකාර ගැනීම කළ යූතුයි. තයිරොක්සීන් ඌණතාවට සූදුසූකම ලබා විශේෂඥ කායික රෝග වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය.
අතේ මැණික් කටූව හා ඉදිරි කොටසේ එක්ස් කිරණ ඡායාරූප මඟින් ළමයා ගේ අස්ථි වර්ධනයේ වයස | Bone age ලබාගත හැකිය. මෙය ළමයා ගේ සැබෑ වයසට ගැලපේ ද, වයසින් අඩූ ද යන්න මින් නිගමනය කළ හැකි ය. රුධිර සෙල පරීකෂාව මඟින් නිතර වැළඳෙන ආසාදන පරීකෂාව ද, තයිරොක්සීන් හා වර්ධක හෝර්මෝන මටිටම මැන බැලීම ද කළ හැකිය.
මොළය තුළ වන වෙනස්කම් හඳුනා ගැනීමට CTහෝ MRI පරිකෂණ ඉවහල් වෙයි.
මේ අනූව ඔබත් උසින් අඩූ බව මානසික පීඩාවක් කරගෙන ඇත්නම් පවූලේ වෛද්‍යවරයා හමූ වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබට සහනයක් ගෙන දෙනූ ඇත.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment