බංකොලොත් හෙද සංගමයේ ජනවාරි වර්ජනයේ ඇතුලාන්තය

බංකොලොත් හෙද සංගමය වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇතිබව පවසමින් කූට අන්දමින් නැවතත් හෙදියන් ‍රැවටීමට වෙරදරමින් සිටි.මෙහෙදී හෙදියන්ට බලපාන ප්‍රධාන් ඉල්ලීම් කිහිපයක් හුවා දක්වමින් හෙදියන් මේ සදහා යොමු කරවා ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටි.
  1. හෙද ව්‍යවස්ථාව නොපමාව ක්‍රියාත්මක කර ගැනීම
  2. හෙද උපාධි පාඨමාලාව ක්‍රියාත්මක කර ගැනීම.
  3. හෙද පුහුණු කාලය වසර හතර දක්වා දීර්ඝ කර ගැනීම
  4. දුරකථන දීමනාව හෙදියන්ටද ලබා ගැනීම
  5. වාර්ශික නිල ඇදුම් දීමනාව ඉහල දමා ගැනීම වැනි ඉල්ලීම මුල් කර ගනිමින් හෙදියන් නොමග යැවිමට මොවුන් වෙර දරති.
මෙවැනි ඉල්ලීම් මුල් කර ගනිමින්  වෙනත් හෙද සංගම් මිට පෙරද උද්ඝෝෂණ,වැඩ වර්ජන කරා ගිය වාර අනන්තය අප්‍රමාණය.ඒ සියලු අවස්ථාවලදී මෙම  බංකොලොත් හෙද සංගමය කුමන්ත්‍රණකාරී නරුමයන් ලෙස ක්‍රියා කරමින් ඒවා කඩාකප්පල් කිරීමට උඩගෙඩි දුන් සැටි සැමටම අමතක නැතුවා ඇති.

එසේ උඩගෙඩි දුන් බංකොලොත් හෙද සංගමයට  එක් වරම කුමක් සිදු වූවේ දැයි හෙද හෙදියන්ට මහත් කුකුසකි.පුදුම වියයුතු නොවේ.තම ගැත්තන්ට,බැල මෙහෙවර කරන්නන් වෙනුවෙන් පෙනී සිටි මෙම  බංකොලොත් හෙද සංගමය මෙවරද කරනුයේ එවැනිම රංගනයකි.මෙහි වෙනසකට ඇත්තේ කථාව හා පිටපත පමණි.මෙවර ඔවුන් කථාව සහ පිටපත වෙනස් කර ඇත්තේ   බංකොලොත් හෙද සංගමය වෙනුවෙන් හෙද හෙදියන් පෙනී නොසිටිනා හෙයිනි.

කෙසේ වෙතත් මොවුන්ගේ කූට උපක්‍රමයේ සුල මුල අපටද කියා පෑවේ  ඔවුගේම ප්‍රධාණ පෙල සාමාජිකයෙකි.මෙන්න ඇත්ත කථාව,

හෙදියන්ට මුල්වන කරුණු කිහිපයක් ඉදිරියට දමමින් හෙදියන් විශාල සංඛ්‍යාවක්  වැඩ වර්ජණයට සහභාගී කරවා ගනිමින් හෙදියන්ගේ බහුතරය අපටය යන්න රජයට  හැගවීමය.මෙහි අන්තිම ප්‍රතිඵලය වනුයේ  රජය සමග ඔවුන් සාඛජ්චා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමත්,ඉන්පස ක්‍රියාත්මක වනුයේ බහුතරයගේ ඉල්ලීම් පසැක ලා ඔවුන්ගේ කුමන්ත්‍රණ පමනි. බංකොලොත් හෙද සංගමයට ගැතිකම් කරන, බංකොලොත් හෙද සංගමයයේ අනාගතය රදාපවතින විශ්‍රාම යාමට කාලය එළබී තිබෙන හෙද සේවාවට විනකර අතලොස්සකට පමනක් බලපාන විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීම ගැන පමනක් සාඛජ්චා කොට එයට පමනක් විසදුමක් ලබා ගැනීම මොවුන්ගේ අරමුණයි.

එම සහෝදරයා අප හා පැවසුවේ මොවුන් හදන්නේ බලලුන් ලවා  කොස් ඇට බාවා ගැනීමේ ක්‍රියාවක් බවයි.


පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips