ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී ඇත.

http://ts1.mm.bing.net/images/thumbnail.aspx?q=1432819414588&id=f2bbdeb8dedaa6ee365c13c7d264e160එච්.අයි.වී ආසාදිතයින් අවම කරගනිමු, එච්.අයි.වී නිසා ඇතිවන මරණ අවම කරගනිමු, එච්.අයි.වී රෝගයෙන් කොන් කිරීම අවම කර ගනිමුරැ යන්න මෙවර තේමාවන් ලෙස යොදා ගනිමින් ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිත පුද්ගලයින් 12ක් මසකට වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී ශාන්ත හෙ‍ට්ටිආරච්චි මහතා පවසයි.

පසුගිය වසරේදී මෙම සංඛ්‍යාව 10ක් වූ අතර මෙම වසරේදී එම සංඛ්‍යාවට අලුතින් රෝගීන් දෙදෙනෙකු එකතුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ වන විට ලොව පුරා එච්.අයි.වී ආසාදිතයින් මිලියන 34ක් වාර්තා ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට එච්.අයි.වී ආසාදිතයින් 1431 දෙනෙකු හමුවී ඇති අතර එයින් 52ක් ළමුන් වෙති.

2010 සැප්තැම්බර් වන විට එච්.අයි.වී ආසාදිතයින් 1285 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ සැප්තැම්බර් වන විට නව රෝගීන් 146 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ශාන්ත හෙ‍ට්ටිආරච්චි මහතා පැවසීය.

එසේම ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය‍ හේතුවෙන් පුද්ගලයින් 246 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන සඳහන් කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips