එන්නත් වර්ග දෙකක් භාවිතයෙන් ඉවතට

දකුණු කොළඹ ශික්ෂණ රෝහලින් සහ කොළඹ ජාතික රෝහලින් එන්නත් කාණ්ඩ දෙක භාවිතයෙන් ඉවත් කිරිමට ජාතික ඖෂධ අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරියේ සභාපති වෛද්‍ය හේමන්ත බෙනරගම පැවසුවේ, කළුබෝවිල රෝහලින් හමුවූ එන්නතේ කෘමියකු සිටි බවටත්, ජාතික රෝහලින් හමු වූ එන්නතේ විදුරු කැබලි තිබු බවටත් තහවුරු වි ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා තිබෙන රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් අදාල ඖෂධ කාණ්ඩ දෙක භාවිතයෙන් ඉවත් කිරිමට තිරණය කර තිබේ.

ජාතික තත්ත්ව පරික්ෂණ ආයතනය ඒ පිළිබදව සිදු කළ පරීක්ෂණවලින් පසුව ඊට අදාළ වාර්තාව ඊයේ ජාතික ‍ඖෂධ අධිකාරියට භාර දුන් බව හේමන්ත බෙනරගම පැවසීය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips