භාරත වෙඩි තබන අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ද ඉඳලා

දුමින්ද සිල්වා විසින් භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි තබන අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතාගේ රථ පෙළේ මුල්ලේරියාවේ පොලිසියේ ස්ථානාධිපතිවරයා හා නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ද සිටි බව අද පැවැති මහේස්ත‍්‍රාත් විභාගයේදී හෙළිවිය.
 

 කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රශන්න අල්විස් මහතා ඉදිරියේ සාක්ෂි විභාග කිරිම ඇරඹින.දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ රියදුරුවන බාලසුරියආරචිචිගේ චමින්ද එහිදී කියා සිටියේ නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා දුමින්ද සිල්වා මහතාගේ රථ පෙළේ සිටි බව තමන් දැක්ක බවයි. ධනංජය මධුෂංක සිල්වා නම් දුමින්ද සිල්වාගේ ආධාරකරුවෙකු කියා සිටියේ දේශබන්දු මෙන්ම මුල්ලෙරියාව පොලීසියේ  ඕඅයිසී වරයාද එම රථ පෙළේ සිටි බව තමන් දුටු බවයි.


දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ රියදුරුවන බාලසුරියආරචිචිගේ චමින්ද හා ආධාරකරුවෙකු වන ධනංජය මධුෂංක සිල්වා දෙදෙනා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ මුලින්ම වෙඩි තැබුවේ භාරතගේ පාර්ශවයෙන් බවත්, එම වෙඩි පහර වැදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා බිම වැටුනු බවත්ය.

එමෙන්ම දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙකු වන මංජුල ප‍්‍රසාද් හෙට්ටිආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ පා.ම. දුමින්ද සිල්වා සමග සිටි ගලබඩ කියන පුද්ගලයා භාරත ලක්ෂ්මන් මහතාගේ කකුලට වෙඩි තබන අයුරු තමා දුටු බවත්, ඉන් පසුව සරත් නැමැත්තා භාරත ලක්ෂ්මන් මහතා බිම වැටි සිටියදී ඔහුගේ පපුව දෙසට ටී-56 ගිනි අවියකින් වෙඩි තබන අයුරු තමා දුටු බවත්ය.


පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips