අනතුරුව සුසන්ත නම් ජවිපෙ කුමාර පාර්ශ්වය සමඟ එක්ව සිටින පුද්ගලයෙකුගේ නිවසේදී පිල්ලෙයාන්ගේ ලේකම්වරයෙකු වන සීලන් සමඟ දිගු වේලාවක් ඉතා අඩු හඬින් කතා බහක නිරතවීමෙන් පසු සීලන් පැමිණි මෝටර් රථයේ නැඟී පිටත්ව ගොස් ඇති අතර කුමාර ්පැමිණි වෑන් රථය සහ රියදුරා ආපසු කොළඹ බලා පිටත් කර එවා තිබේ. ඉන් අනතුරුව කුමාර් පිල්ලෙයාන් පාර්ශ්වය සමඟ කල කී දෑ හෝ සාකච්චා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව මේ වන තෙක් තොරතුරු වාර්තා වන්නේ නැත.
පසුගිය දිනවල නැගෙනහිර පළාතේ සිදුවූ කප්පම් ගැනීම් සහ කලබලකාරී සිද්දීන් මෙහෙයවා ඇත්තේ සීලන් විසින් බවටද සැක පල කරන ආරක්ෂක අංශ ඉන්දීය ඔත්තු සේවා සමඟ ඉතා සමීප සම්බන්ධකම් පවත්වන්නෙකු ලෙසද සීලන් හඳුන්වයි. මීට අමතරව පිල්ලෙයාන් පාර්ශ්වයේ සියළු සන්නද්ද ක්‍රියාකාරකම් පසුපස සිටින ප්‍රධානියා වන්නේද සීලන්ය.
ඊට දින දෙකකට පසු එනම් ඔක්තොම්බර් 09 වැනිදා ජවිපෙ කුමාර පාර්ශ්වයේ ක්‍රියාකාරිකයෙකු සහ හිටපු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවකු වූ උඳුල් පේ‍්‍රමරත්න සහ ත්‍රිකුණාමලය කුමාර පාර්ශවයේ නායකයා ලෙස කටයුතු කරන පුද්ගලයාද සමඟ සීලන් හමුවී සාකච්චා කර ඇතැයි වාර්තා වේ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment