ගර්භණීත්වය සහ ආහාරයේ වැදගත්කම


නිරෝගී දරුවකු බිහිවන්නේ නිරෝගී ගැබිනි මවකගේ කුසිනි. මවට ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොලැබේනම් උපදින දරුවාගේ පෝෂණ තත්ත්වය ද නිතැතින්ම පහත වැටෙනවා.

ගැබිනි මවක බවට පත්වෙන්නට පෙර කුඩා දැරියකව සිටියදී පටන්ම ගැහැනු දරුවාගේ පෝෂණය පිළිබඳ වැඩි අවධානයක් යෙදිය යුත්තේ ඒ හේතුවෙන්.

කුස තුළ වැඩෙන දරුවාගේ මෙන්ම අලුත උපන් බිලිඳාගේ ද ශාරීරික, මානසික හා බුද්ධිමය වර්ධනයට පදනම සකස් වන්නේ ජීවිතයේ පළමු දින දහස ඇතුළතයි. එහෙයින් තරුණියක ගැබිනියක බවට පත් වන්නට පෙර සිටම නිරෝගී බව හා පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීමේ දී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්දැයි දැන සිටීම වැදගත්ය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අවශ්‍ය ආහාර ප්‍රධාන කාණ්ඩ හයකට බෙදා තිබෙනවා. එහෙයින් සෑම ආහාර කාණ්ඩයකින්ම ආහාර වර්ග දිනපතා කෑමට ගැනීමට හැකිතාක් තැත් කළ යුතුය.

ශක්තිජනක ආහාර

බත්, කුරක්කන්, මෙනේරි, බඩඉරිඟු ඇතුළු ඇට වර්ග අල, බතල කොස් දෙල් වැනි ආහාර. පොල් තෙල්, එළවළු තෙල්, තල තෙල් වැනි තෙල් වර්ග.

මේවා ශරීරය වර්ධනය සඳහා අවශ්‍ය වේ. පුද්ගලයකුගේ වයස අවුරුදු 20 පමණ වනතුරු සිරුර වැඩෙන අතර වැඩිහිටියන්ගේ සිරුරෙහි ගෙවී ගිය සෛල වර්ධනයට ද මෙම ශක්ති ජනක ආහාර හේතු වේ.

ආරක්ෂක ආහාර

සිරුරෙහි ප්‍රතිශක්තිය ඇති කරන ආහාර. ප්‍රධාන වශයෙන් එළවළු සහ පලා වර්ග. සිරුරට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ලබා දෙයි. ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි. මේවා ඉතා සුළු ප්‍රමාණයකින් සිරුරට අවශ්‍ය වුවද එම සුළු ප්‍රමාණය නොලැබී යාමෙන් සිරුරේ සෑම ක්‍රියාවලියකටම බාධා ඇති වේ.

නිදසුනක් ලෙස අයඩින් මිනිස් සිරුරට දිනකට අවශ්‍ය වන්නේ අල්පෙනෙති තුඩක ප්‍රමාණයකි. එහෙත් ඒ ප්‍රමාණය නොලැබී ගිය විට සිරුරෙහි තෛරොක්සින් හෝමෝනයේ නිපැයුම අඩාළ වේ. තෛරොක්සින් නිෂ්පාදනය අඩාළ වූ විට ළදරු වියේ පටන්ම දරුවාගේ බුද්ධි වර්ධනය අඩු වේ. උපතින්ම ආබාධ සහිතව ඉපදේ. යකඩ ඌනතාව ඇතිවූ විට සිරුරෙහි හිමොග්ලොබින් නිපැයුම අඩු වේ.

සිරුර පුරා ඔක්සිජන් වායුව රැගෙන යන්නේ හිමොග්ලොබින් හේතුකොටගෙනය. හිමොග්ලොබින් ඌනතාවෙන් සිරුර පුරා ඔක්සිජන් ගෙන යාම අඩුවීම නිසා දරුවාගේ වර්ධනය අඩාළ වේ. සිරුරෙහි අනෙකුත් ඉන්ද්‍රිය පද්ධතිවල වර්ධනය මෙන්ම ක්‍රියාකාරීත්වය ද අඩාළ වීමට එය බලපායි.

සිරුරේ හෝමෝන පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරන්නට වර්ධක ආහාර මෙන්ම විටමින් ඒ, බී, සී, ඩී, ඊ සහ කේ යන විටමින් වර්ග ද අවශ්‍ය වේ. සත්ත්ව කැල්සියම්, ප්‍රොස්පරස්, සින්ක්, අයඩින් සහ මැංගනීස් වැනි ඛනිජ වර්ග මේ ගණයට අයත් වේ. එළවළු සහ පලතුරු වර්ග පලා වර්ග සහ සත්ත්ව ආහාරවල මේවා අන්තර්ගත වේ.

වර්ධක ආහාර

මස්, මාළු, බිත්තර, පියලි හා ඇට වර්ග, රනිල බෝග හා කරවල. මේවායෙන් සිරුර වර්ධනය වීමට සහ සිරුරේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රෝටීන ලබා දෙයි.

කිරි සහ කිරි ආහාර

කැල්සියම් හා ඛනිජ ලවණ අස්ථි වර්ධනය කර පවත්වා ගැනීමට උපකාරී වේ.

කජු, රටකජු, තල, පොල්, තල තෙල්, පොල් තෙල් ඇතුළු ආහාරයට ගන්නා විවිධ තෙල් වර්ග අඩංගු ආහාර. මාගරින්, බටර් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ශරීරය පවත්වා ගැනීමට හා පරිවෘත්තීය ක්‍රියා මනාව සිදු කිරීමට අවශ්‍ය වේ.

දිනකට එක් එක් පුද්ගලයාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වයස් කාණ්ඩය සහ කායික ක්‍රියාකාරී මට්ටම අනුව එය වෙනස් වේ.

ගැහැනු දරුවා සිය වැඩිවිය පත්වීමේ අවධියෙන් පසුව ශීඝ්‍රයෙන් වර්ධනය වේ. ඒ කාලයට අවශ්‍ය පූර්ණ පෝෂ්‍ය ශක්තිය ආහාර මඟින් ලබා ගත යුතුය. ආහාර මෙන්ම ජලය ද මිනිස් සිරුරෙහි වර්ධනයට මෙන්ම ක්‍රියාකාරීත්වයට සෘජු බලපෑමක් එල්ල කරයි.

අප හුරු පුරුදු වී සිටින්නේ ප්‍රධාන ආහාර වේලකින් පසු වතුර පානය කිරීමටයි. නැතහොත් වතුර පිපාසය ඇති වූ විට වතුර බීමටය. එහෙත් වතුර බොන්නට පිපාසය ඇතිවන තුරු සිටිය යුතු නැත. පිපාසය ඇති වෙනවා යන්නෙහි අදහස සිරුරෙහි තැන්පත්ව ඇති ජලය ප්‍රමාණය අඩු වී ඇති බවයි. එසේ සිරුරෙහි තැන්පත් ජල ප්‍රමාණය අඩු වී පිපාසය දැනෙන තුරු නොසිට ආහාර වේල්වලට අමතරව ජලය පානය කිරීමට පුරුදු වීම වැදගත්ය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips