ලස්සන හදවතෙහි ඇතුලත

හදවතේ පිහිටීම

හදවතේ පිහිටීම  උරස් කූඩුව (Rib Cage) මැද, වම් පැත්තට බරව.ඉලඇට (Ribs) වලින් ආවරණය වූ, ඉතා ආරක්‍ෂිත තැනක පිහිට තිබේ.හදවත සාමාන්‍යයෙන් මිට මොලවාගත් විට ඔබේ අතේ ප්‍රමාණයට ඉතා සමීපයි. බාහිර පෙනුම බාහිරින් බැලූ විට කේතුවක හැඩයක් ගනී.




බාහිර පෙනුම

මතුපිට හදවතට රුධිරය සපයන කිරීටක ධමනි හා ශිරා (Coronary Arteries and Veins) පිහිටා තිබේ.හදවතට ශරීරයේ සිට රුධිරය ගෙන එන මහා ශිරා ද (Superior Vena Cava and Inferior Vena Cava), පෙනහළු වලින් හදවතට රුධිරය ගෙන එන පුප්පුශීය ශිරාද (Right and Left Pulmonary Arteries) හදවතට පිටුපසින් පිහිටන අතර, හදවතේ ඉහල කොටසින් අපගේ සිරුර වෙත රුධිරය ගෙන යන මහා ධමනිය (Aorta) හා පෙනහළු වෙත රුධිරය ගෙන යන පුප්පුශීය ධමනිය (Pulmonary Artery) පිහිටා තිබේ. 

හදවත වට කරමින් තුනී පටල දෙකක් පිහිටා තිබේ. එම පටල හෘදය පටලය/පෙරිකාර්ඩියම (pericardium) ලෙස හැඳින්වෙන අතර ඒවා අතර ඇති හිඩැස තරලයකින් (Pericardial fluid) පිරී තිබේ. මෙය හදවත ස්පන්දනය වීම පහසු කරන ලිහිසි ද්‍රව්‍යයක් (Lubricant) ලෙස ක්‍රියා කරන අතරම හදවතට ආරක්ෂාවද ලබා දේ. 


 හදවතේ අභ්‍යන්තර ව්‍යුහය 


 බාහිරින් ඉතා සරල ස්වරූපයක් ගත්තද හදවත ඉතා සංකීර්ණ සැකැස්මක් ඇති ඉතා විශේෂිත අවයවයකි. හදවතහි හරස් කඩක ගෙන බැලුවහොත් එය කොටස්/කුටීර හතරකට බෙදී තිබේ. වම් හා දකුණු කර්ණිකා (Left Atrium and Right Atrium) දෙකක් ලෙසට සහ වම් හා දකුණු කෝෂිකා (Left Ventricle and Right Ventricle) දෙකක් ලෙසටයි. 

හදවතේ දකුණු පස සිරුරේ ඇති ඔක්සිජන් අඩු රුධිරය ලබාගෙන එය ඔක්සිජන් ලබා ගැනීම සඳහා පෙනහළු වෙත පොම්ප කරන අතර වම් පස පෙනහළු වලින් ලැබෙන ඔක්සිජනීකෘත රුධිරය නැවත සිරුර පුරා පොම්ප කරනු ලබයි. මෙසේ කොටස් වලට බෙදීම මගින් හදවත තුල ඔක්සිජන් අඩු රුධිරය, ඔක්සිජන් වැඩි රුධිරය හා මිශ්‍ර වීම වැලක් වේ. හදවෙතේ සිදුරක් තිබෙනවා යැයි කියනුයේ මෙම කර්ණිකා අතර හෝ කෝෂිකා අතර අසාමාන්‍ය විවර වීමක් තිබීමයි.

 දකුණු කර්ණිකාවට මුළු සිරුරේම සිට නැවත පැමිණෙන රුධිරය ලබා දෙන උත්තර හා අධර මහා ශිරා (Superior and Inferior Vena Cava) විවෘත වේ. වම් පස කර්ණිකාවට පෙනහළු වලින් නැවත පැමිණෙන රුධිරය ලබා දෙන පුප්පුශීය ශිරා (Pulmonary Veins) විවෘත වේ. දකුණු කෝෂිකාවේ සිට පෙනහළු වෙත දිවෙන පුප්පුශීය ධමනිය (Pulmonary Artery) ආරම්භ වන අතර වම් කෝෂිකාවේ සිට මුළු සිරුරටම ඔක්සිජනීකෘත රුධිරය ලබාදෙන මහා ධමනිය (Aorta) ආරම්භ වේ. 

 හදවත තුල රුධිර ගමන පාලනය කිරීමට කපාට (Valves) කිහිපයක් පිහිටා තිබෙනවා. එම කපාට මගින් හෘද කුටීර සංකෝචනය වී රුධිරය පොම්ප කල පසු, නැවත එම කුටීරය වෙත රුධිරය ආපස්සට පැමිනීම වලක්වයි. දකුණු පස කර්ණිකාව හා කෝෂිකාව අතර කොටස්/පත්‍රිකා තුනකින් සැදි ත්‍රිතුන්ඩ (Tri-cuspid valve) කපාටයද දකුණු කෝෂිකාව හා පුප්පුශීය ධමනිය අතර අඩසඳ කපාටයද පිහිටයි. 

එලෙසම වම් පස කර්ණිකාව හා කෝෂිකාව අතර කොටස්/පත්‍රිකා දෙකකින් සැදි ද්විතුන්ඩ (Bi-cuspid valve) කපාටය හා කෝෂිකාව හා මහා ධමනිය අතර අඩසඳ කපාටය පිහිටා ඇත. මෙම අඩසඳ කපාට (Semi-lunar valves) වලට එම නම ලැබී ඇත්තේ ඒවා අර්ධ වෘත්තාකාර කොටස් තුනකින් සැදී ඇති නිසයි. කණ්ඩරීය රජ්ජු යනු කුඩා රැහැන් විශේෂයක් වන අතර කෝෂිකා වල සිට ද්විතුන්ඩ හා ත්‍රිතුන්ඩ කපාට වල පත්‍රිකා වලට බැඳේ. එමගින් එම පත්‍රිකා වලට වැඩි ශක්තියක් ලැබේ.



පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips