"මාරාන්තික කොලස්ටරෝල්"හොදට නරකට දෙකටම


http://www.doctortipster.com/wp-content/uploads/2011/10/Cholesterol.jpgකොලස්ටරෝල් යනු ශරීරයේ ස්වාභාවිකව ඇතිවන මේදමය සංඝටකයකි. එය වටිනා කාර්යයන් කිහිපයක් කරයි. මෙය ශෛලවල බිත්ති තැනීමට අවශ්‍ය වන අතර සමහර හෝමෝන වලට හරවන මූලික සංඝටකයකි. ඔබට අවශ්‍ය කොලස්ටරෝල් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් සාදයි. සෞඛ්‍යමත්ව සිටීමට ඔබට ආහාරයේ අවශ්‍ය වනුයේ මේදය කුඩා ප්‍රමාණයකි.




ඔබ ආහාරයට ගන්නා මේදය හා හා කොලස්ටෝල් බඩවැල් වලදී උරාගෙන අක්මාව වෙත ප්‍රවාහනය කරයි. අක්මාවේදී, මේදය කොලස්ටරෝල් බවට හරවා රුධිරයට එකතු කරයි. කොලස්ටරෝල් ප්‍රධාන ලෙස කොටස් 2කි. අඩු ඝණත්ව ලිපොප්‍රොටිස් (LDL) කොලස්ටරෝල් (නරක කොලස්ටරෝල්) හා ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන් (HDL) (හොද කොලස්ටරෝල්)



http://thehealthblogger.com/wp-content/uploads/2009/02/cholesterol-levels.jpg
ඉහල ප්‍රමාණයෙන් අඩු ඝණත්ව ලිපොප්‍රෝටීන් ඇතරොස්ලොරාසිස් සමග සම්බන්ධය ඇතරොස්ලොරාසිස් යනු ධමනිවල කොලස්ටරෝල් බහුල මේද තැන්පත් වීමය. මෙය අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් වන හෘදයට, මොළයට රුධිරය සැපයුම අඩු කිරීමට හෝ නතර කිරීමට රුධිර නාල සිහින් වීම හෝ අවහිර වීම සිදු කළ හැක. ඇතරොස්ලොරාසිස් හෘදයට බලපෑම කිරීටක ධමනි රෝගය ලෙස නම් කරන අතර එය හෘදයාබාධ සදහා හේතු වේ. මොලයට රුධිරය සපයන නාල ඇතරොස්ලොරාසිස් මගින් අවහිර වූ විට එය ආසාධනය සදහා හේතු වේ.

වැඩි මට්ටමේ ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන් කොලස්ටරෝල්, හෘදයාබාධ හා අසහනයෙන් වලකනුයේ ධමනිවලින් කොලස්ටරෝල ඉවත් කර අක්මාව වෙත නැවත ගෙන ඒම මගිනි.


http://ts3.mm.bing.net/images/thumbnail.aspx?q=4552794795017630&id=0a4b8337819e2596aba0d8255339d4fa
ඉහල කොලස්ටරෝල් මට්ටම් මගින් ඇතරොස්ලොරාසිස් ඇති විය හැකි නිසා වෛදයවරුන් නිර්දේශ කෙරෙනුයේ නියම මට්ටමේ කොලස්ටරෝල් මට්ටම රදවා ගන්නා ලෙසයි. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 20 ට වැඩි වැඩිහිටියන් සම්පූර්ණ කොලස්ටරෝල් මට්ටම ඩෙසිලීටර මිලිග්‍රෑම් 200ට අඩුවෙන් පවත්වා ගත යුතුය.

ඇතරොස්ලොරාසිස් වල අවදානම වඩා නිශ්චිත ලෙස සලකා බැලීමට ඔබගේ පහල ඝණත්ව ලිපොප්‍රෝටීන් පරීක්ෂා කල යුතුය. පවත්වා ගත යුතු අඩු ලිපොප්‍රෝටීන් මට්ටම එම පුද්ගලයා දැනටමත් ඇතරොස්ලොරාසිස් නිසා රෝගයකින් පෙලෙනවාද, දියවැඩියාව තිබේද, කිරීටක ධමනි රෝගය සදහා වෙනත් අවදානම් කරුණු තිබේද යන්න මත නිර්ණය වේ. මෙම මට්ටම් රජයේ අනුග්‍රහයෙන් ස්ථාපිත ජාතික කොලස්ටරෝල් අධ්‍යාපන වැඩසටහන මගින් නිර්ණය කරනු ලැබේ. ඉහල මට්ටමේ ඝණත්ව ලිපොප්‍රෝටීන හා දියවැඩියාව අමතරව නිර්ධන ධමනි රෝගය සදහා අවදානම් කරුණු වනුයේ,
  • වයස අවු. 45ට වැඩි පිරිමින්.
  • වයස අවු. 55ට වැඩි ගැහැනුන්
  • ඉක්මණින් ආර්තවභාවයට පත් කාන්තාවන්
  • පවුලේ අයට කිරීටක ධමනි රෝගය කලින් ඇති වීම. (තාත්තාට හෝ සහෝදරයාට අවු. 55ට කලින් හා අම්මාට හෝ සහෝදරියට අවු. 65ට කලින් කිරීටක ධමනි රෝගය ඇති වීම.)
  • දුම්පානය
  • අධික රුධිර පීඩනය තිබීම.
  • හොද කොලස්ටරෝල් ප්‍රමාණවත් තරම් නොතිබීම (ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන්) HDL

ඔබට කිරීටක ධමනි රෝගය, පර්යන්ත ධමනි රෝගය හෝ පහල ඝණත්ව ලිපොප්‍රෝටීන මට්ටම් ඩෙසි ලීටරයට මිලි ග්‍රෑම් 70 හෝ ඊට අඩු විය යුතුය. ඔබට අවදානම් කරුණු තවත් පහල විය යුතුය. සාමාන්‍යයෙන් පහල ඝණත්ව කොලස්ටරෝල් මට්ටම් 100ට අඩුනම් හොදය. අවදානම් කරුණු අඩු නම් හෝ නැති නම් 130ට අඩුවෙන් පිලිගත හැක.

ඔබගේ ඉහළ ඝණත්ව ලිපොප්‍රෝටීන මට්ටමද, ඉතා වැදගත්ය. ඩෙසි ලීටරයට මිලිග්‍රෑම් 40ට අඩු පුද්ගලයන්ට ඇතරොස්ලෙරෝසිස්, අසහනය සෑදීමට වැඩි ඉඩක් ඇත. ඉහල ඝණත්ව ලිපොප්‍රෝටීන් මට්ටම ඩෙසි ලීටරයට මිලිග්‍රෑම් 60 ට වැඩි නම් ඇතරොස්ලෙරොසිස් ඇතිවිට අඩුවන අතර හෘද රෝග වලින් හා ආසාධනයෙන් ආරක්ෂා කරනු ලැබේ, යැයි සිතනු ලැබේ.

අධික කොලස්ටරෝල් සදහා වෙනත් හේතූන් 
  • ජාන ඉතිහාසය
  • කෑම අරුචිය
  • වකුගඩු රෝගී තත්ත්වය
  • තයිරොක්සින් ඌණතාවය
  • HIV ආසාධනයට ප්‍රතිකාර කරන ඇතැම් ඖෂධ වර්ග
  • සන්තෘප්ත මේද අධික ආහාර රුධිරයේ කොලස්ටරෝල් මට්ටම ඉහළ නංවයි.
  • කොලස්ටරෝල් අධික බවට අධි ස්ථූලතාවයද, බලපායි. බර අඩු කිරීම මගින් පහල ඝණත්ව ලිපෝප්‍රෝටීන් හා සම්පූර්ණ කොලස්ටරෝල් මට්ටම පහල දමයි.
  • ශරීර චලනයන් අඩු බවද, හෘදය ආශ්‍රිත රෝග සදහා විශාල ලෙස බලපායි.

 රෝග ලක්ෂණ

http://www.tolowercholesterol.net/cholesterolpic/symptoms%20of-high-cholesterol.jpg
බොහෝ අයගේ හෘදයට හා මොලයට යන ධමනිවල පැහැදිලි සිහින් වීමත් කොලස්ටරෝල සම්බන්ධ ඇතරොස්ලෙසිස් වලින් ඇති වන තුරු රෝග ලක්ෂණ නැත. ප්‍රතිඵලය විය හැක්කේ හෘදය සම්බන්ධ පපුව කැක්කුම් (රුධිර සැපයුම අඩු වීමෙන් එන කැක්කුම) හෝ වෙනත් කිරීටක ධමනි රෝගයේ රෝග ලක්ෂණ හෝ මොලයට රුධිර සැපයුම අඩු වීම නිසා ඇති වන රෝග ලක්ෂණ හෝ (තාවකාලික රුධිර සැපයුම නැතිවීම නිසා ඇති වන හදිසි තත්ත්වය හෝ ආසාධනය)

සෑම 500 දෙනෙකුගෙන් එක් අයකුටම ප්‍රවේණික පවුල්මය අධි කොලස්ටරෝල් තත්ත්වය ඇත. මෙහිදි ඉතා අධික කොලස්ටරෝල් මට්ටම් දැකිය හැක. (ඩෙසි ලීටරයට මිලිග්‍රෑම් 300ට වැඩි) මෙම රෝගය ඇති මිනිසුන්ගේ කොලස්ටරෝල් වලින් පිරුණු ගැටිති (සැත්තෝමාස්) විවිධ  ස්නායුබද්ධ මත දැකිය හැකි අතර විශේෂයෙන්ම පහල කුකුලේ ඇන්ලිස් කණ්ඩරාව මත තැන්පත් වේ. ඇසිපිය මතද, කොලස්ටරෝල් තැන්පත් වන අතර ඒවාට සැත්තලෙස්මා නමින් හදුන්වයි.

රෝග විනිශ්චය කරනුයේ කෙසේද? (අධික කොලස්ට්‍රෝල්)

ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබගේ පවුලේ සාමාජිකයින්ට හෘද රෝග, අධික කොලස්ට්‍රෝල්, දියවැඩියාව තිබුණේ දැයි විමසනු ලැබේ. වෛද්‍යවරයා විසින් ඔබගේ ආහාර රටාවන් හා දුම්පානය කර තිබේ දැයි විමසනු ලැබේ. වෛද්‍යවරයා විසින් රුධිර පීඩනය මැන බලන අතර සැන්තෝමාස් හා සැන්තොලෝමාස් තිබේ දැයි බලනු ලබයි. ඔබගේ වෛද්‍යවරයා ලේ පරීක්ෂාවක් මගින් අධික කොලස්ටරෝල් තත්ත්වය නිශ්චිතවම නිගමනය කරනු ලැබේ.

ඔබගේ කොලස්ටරෝල් මට්ටම පහළ හෙලනුයේ කෙසේද?


http://www.buzzle.com/img/articleImages/334617-2459-34.jpgඔබගේ කොලස්ටරෝල් මට්ටම ඉහල නම් එය පහල හෙලීමට දිගු කාලීන උත්සාහයක් යෙදිය යුතුය. මේදය අඩු එලවළු හා පලතුරු අධික සහ "නරක” තෙල් වෙනුවට "හොද" තෙල් අඩංගු ආහාර ගැනීම මගින් ඔබට කැපී පෙනෙන ලෙස කොලස්ටරෝල් මට්ටම පහළ හෙලිය හැක. ස්ථීර ලෙස ආහාරවල වෙනස්කම් කිරීම මගින් පහල කොලස්ටරෝල් මට්ටමක් පවත්වා ගත හැක. දිනපතා ව්‍යායාම කිරීමද, වැදගත්ය. ව්‍යායාම මගින් ඉහළ ගණත්ව ලිංගාශ්‍රිතව (HDL) (හෙද කොලස්ටරෝල්) ඉහළ දැමිය හැකි අතර සම්පූර්ණ කොලස්ටරෝල් පහල දැමිය හැක.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips