"ඔස්ටියෝපොරෝසිස්"ලෙස
ඉංග්‍රීසියෙන් හැඳින්වෙන ඇට වල සිහින්වීම නැතිනම් කෂයවීම සිංහලයෙන් "අස්ථි
කෂීනතාව" ලෙස හැඳින්වෙයි. වයස් ගත වැඩිහිටි පූද්ගලයන්ගේ විශේෂයෙන්ම
ආර්ථවහරණයට (ඔසප් නතරවීමට පසූව) කාන්තාවන්ගේ ඇට බිඳීම් සහ කැඩීම්වලට
ප්‍රධාන වශයෙන් හේතුවන්නේ මෙම අස්ථි දුබලතාවයය.
දැන්
ඔබට "කොන්ද නමාගෙන එන"ආච්චිලා සහ සීයලා මතකයට නැගෙනවා ඇති. වයස්ගතවීමේ
සූලබ ලකෂණයන් ලෙස සැලසෙන මෙම තත්ත්වය හූදෙක්ම "ඔස්ටියෝපොරෝසිස්" නිසා
බොල්වූ ඇට හේතුවෙන් මතුවන්නකි. එයට අමතරව කොන්ද අමාරුව (රිදීම) වයසට යනවිට
මිටිවීම, උකුල් ඇටය - මැණික්කටූව යනාදිය බිඳීයාම මෙහි අනෙක් ලකෂණය වෙයි.
"ඔස්ටියෝපොරෝසිස්"
යන්නෙහි තේරුම සිදුරින් පිරි" හෙවත් "සවිවර" ඇට යන්නය. මෙම රෝග තත්ත්වයෙහි
ඇති අනෙක් විශේෂත්වය නම් පිටතට හඟවන රෝග ලකෂණ කිසිවකින් තොරව වසර ගණනාවක්
තිස්සේ නිහඬව වර්ධනය වීමයි. අස්ථි ඝනත්වය සහ ශක්තියට හානි කිරීම මෙහිදී
සිදුවෙයි. වයස අවූරුදු 35-50 ත් අතරදී ඇරඹී ක්‍රමයෙන් වර්ධනය වන කැල්සියම්
අහිමිවීමේ තත්ත්වය මෙම රෝගයේදී ඇතිවන සංසිද්ධියකි.
මෙසේ
කැල්සියම් අහිමිවීම හේතුකොට අස්ථි දුර්වලවෙයි. පහසූවෙන් කැඩෙන බිඳෙන සූළු
බවක් ලබයි. අස්ථිය සතු ඒකාබද්ධභාවය අහිමිවෙයි. ප්‍රතිඵලය වනූයේ සූළු
නැවීමකින් හෝ වැටීමකින් ඇට බිඳීයාමය.
උකුල,
කොඳු ඇට, මැණික් කටූව ආදී තැන් වඩාත් බිඳීයාමට නතුවෙයි. වයසට ගියවිට
මෙවැනි ඇට බිඳීම් නිසා බොහෝ දුක් කරදර විඳීමට සිදුවන බව අමූතුවෙන් කිවයූතු
නැත. කොඳු ඇට පේලියෙහි අස්ථි බිඳීයාම නිසා මෙන්ම ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයට
පත්වීම කොන්ඳෙ කැක්කුම කුදු ගැසීම සහ උස අඩූවීම (මිටි වීම) වැනි තත්ත්වයන්
ඇතිවෙයි.
"ඔස්ටියෝපොරෝසිස්" තත්ත්වය ඇතිවන්නේ කුමක් නිසාද යන්න අවබෝධ
කරගැනීමට නම් අප අස්ථි නිර්මාණය වන්නේ කෙසේද යන්න ගැන දැන සිටිය යූතුය.
ඇටයක නිර්මාණය ප්‍රෝටීන්වලින් අනූන දැලක බහූල වශයෙන්ම කැල්සියම් ලවණ
තැන්පත්වීමකි. අපේ සිරුර තුළ ඇති මූළු කැල්සියම් ප්‍රමාණයෙන් සියයට 99 ක්ම
ඇත්තේ දත් සහ ඇටවලය. අස්ථියට ශක්තිය දෙන්නේ කැල්සියම්ය.
කොතරම්
තදට පැවතීයද ඇටද ශරීරය තුළ ඇති - (පණ ඇති) - කොටසකි. වෙනත් පටක මෙන්ම ඒවාද
නිරතුරුව අළුත් වෙයි. අලුත් වෙයි. එනම් පරණ අස්ථි ඉවත් කරමින් අලුත් අස්ථි
ඇතිවෙයි. අපට නොදැනී - නොතේරී නිති සිදුවන මෙම ක්‍රියාවලිය
සමතුලිතතාවයකින් යූක්තය. එනම් ඉවත්වන අස්ථි පටක හා සමාන වූ ප්‍රමාණයක්
අලුත් අස්ථි හැදෙයි. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයේදී මෙම සමතුලිතභාවය
අහිමිවෙයි.
සමහරවිට
අහිමිවන අස්ථි පටක ප්‍රමාණය වැඩි විය හැකිය. එසේ නැතහොත් තැන්පත් වන අස්ථි
පටක ප්‍රමාණය අඩූවිය හැකියි. එහි ප්‍රතිඵලය වනූයේ අස්ථි සිදුරු සහිත
තත්ත්වයට පත්වී සූළු හැලහැප්පීමකින් හෝ වැටීමකින් හෝ බිඳියාමට පෙළමීමයි.
අස්ථිවලට මෙවන් ඉරණමක් අත්වන්නේ ඇයි? මෙයට මූල්වන හේතු කිහිපයකි.
ආර්තවහරණය
ආර්තවහරණයෙන්
සමගම ස්ත්‍රී ලිංගික හෝර්මෝන වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිපදවීමද
පහත වැටෙයි. කාන්තා සිරුරේ ඇටවලින් කැල්සියම් බැහැරවීම පාලනය කිරීමට මෙම
හෝර්මෝන ලබාදුන් හැකියාව අහිමිවීමත් සමගම ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයට
හේතුවෙයි.
ආර්තවහරණය
සාමාන්‍යයෙන් වයස අවූ. 45-55 ත් අතරදී ඇතිවන්නක් වූවත් සමහර කාන්තාවන් වයස
අවූරුදු 45 වීමට පෙර ආර්තවහරණයට ලක්වෙයි. එය ස්වභාවිකවම මෙන්ම ශල්‍යකර්ම
බිම්බ කෝෂ ඉවත් කිරීම වැනි හේතූන් නිසාද ඇතිවෙයි. අඩූ වයසකදී මෙසේ හෝර්මෝන
අහිමිවීම නිසා කාන්තාවන් වැඩියෙන් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයට යොමූවෙයි.
ආහාරයේ කැල්සියම් අඩූවීම
මේ
අතර ආහාර වේල තුළ කැල්සියම් අඩංගු ආහාර බොහෝ කාලයක් සිට නොලැබීම නිසාද
අස්ථි දුර්වල විය හැකිය. ඇට සමග ආහාරයට ගත් මාළු කරවල හා මස් (උදා හාල්
මැස්සන්, සාලයන්, මෝර, කුකුල් මස් ආදී) පලා වර්ග, වියලි ඇට මෙන්ම ප්‍රධාන
වශයෙන්ම කිරි සහ කිරිආහාර (යෝගටි, මී කිරි බටර්, ගිතෙල්, චීස්) කැල්සියම්
බහූල ආහාරය. මෙම ආහාර ගත යූත්තේ වයසට යන විට හෝ ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය
ඇතිවූවිට නොවේ. ළමා - තරුණ, පැසූණූ යන වයස් කාණ්ඩ තුනේදීම තම ආහාර වේල තුළ
කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වන බවට සහතික විය යූතුය. එවිට තදට සහ ඝනව
කැල්සියම් ඇටවල තැන්පත්වී ඒවා වඩාත් ශක්තිමත් බවකින් නිර්මාණය වෙයි. එවිට
පසූකලෙක ලැබනෙ කැල්සියම් ප්‍රමාණයට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් අහිමි වී
ගිය ද එයට ඔරොත්තු දීමට තරම් අස්ථි ශක්තියක් වෙයි.
ව්‍යායාම අඩූවීම
ව්‍යායාමවලින්
තොර, ඇඟ වෙහෙසීමකින් තොර අලස දිවි පෙවත නිසාද ඇට දුර්වල වෙයි. දිනකට
මිනිත්තු 30 ක කාලයක් සතියකට දින 3-4 ක්වත් ඇවිදීම, දිවීම, සෙමින් දිවීම,
වලින් බයිසිකල් පැදීම, පිහිනීම, බැඩ්මින්ටන්, ටෙනිස්, වොලිබෝල් වැනි
ක්‍රීඩාවක යෙදීම ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්වලට මෙන්ම ශක්තිමත් බවක් ආරෝපණය
කිරීමට සමත්ය.
කෙනෙකු
ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයෙන් පෙළෙන බව දැනගත හැකි වනූයේ වයස අවූරුදු 50-70
දී පමණය. එහෙත් අස්ථි ඝනත්වය මැනීමට අද ඇති උපකරණ මගින් වයස අවූරුදු 30
ගණන්වලදී වූව මෙහි මූල් ඉඟි ලබා ගැනීමට පූළුවන.
කෙසේ ද රිදීම, උස අඩූවීම,
ඔස්ටියෝපොරෝසිස්
(අස්ථි කෂීනතාව) වැළැක්විය හැකි රෝගයකි. එහෙත් ඒ වයසට ගිය පසූ,
ආර්ථවහරණයෙන් පසූව ගන්නා ක්‍රියාමාර්ග වලින් නම් නොවේ. ඒ සඳහා ආහාර තෝරා
ගනීමේදී හා ව්‍යායාම ගැනීමේදීය.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment