මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්

ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් අද (15) රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට නියෝග කළේය.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට පසුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කියා සිටියේ දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට තරම් ප‍්‍රමානවත් සාක්‍ෂි ඉදිරිපත්වී නොමැති බවයි.

කෙසේවවුද අධිකරණයට ඉදිරිපත්වූ සාක්‍ෂි අනුව ඔහු මෙම නඩුවේ සැකකරුවෙකු බවට තීරණය කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.
මෙහිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණයට පැමිණීම මඟහැර රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන් කර ඇත්තේ අධිකරණය හෑල්ලූවට ලක්කිරීමක් බවත්, අදාළ නොපැමිණීම සම්බන්ධයෙන් තොරතුරු විමසා ඔවුන්ට වරෙන්තු නිකුත් කරන ලෙයසි.මෙම සිද්ධියේදී තුවාල ලැබූ දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා මේ වන විට සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.ඔහු එම රෝහලවෙත රැගෙන යනු ලැබුවේ පසුගිය 02 වැනිදා රෝගීන් රැගෙනයාමට යොදාගන්නා විශේෂ ජෙට් යානයකිනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips