මෙන්න මේකයි කතන්දරේ...හුඟාක් කාන්තාවන් නවීන විලාසිතා කරන්න හුරු වෙලා තියෙනවා. ඒක හොඳයි, නමුත් විලාසිතා කරන්නෙ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන නොහිතානම්, ඒක ටිකක් බරපතලයි.
දැන් බොහෝ කාන්තාවන්ගේ විලාසිතාවක් තමා අඩි උස පාවහන් පැළදීම. මේ නිසා තමන්ගේ ශරීරයට වෙන හානිය ගැන දැන ගන්න එක හොඳයි නේද?.
මේ පින්තූර දෙකේ පෙන්නුම් කරන්නේ අඩි උස පැලඳ විට සහ නොමැති විට පිටින් පෙනෙන ආකාරය.
මේවිදියට සිරුර ඉදිරියට නැමෙන නිසා,කොඳුනාරටියේ කශේරුකාවේ ස්නායුවලට තෙරපුමක් ඇති වෙනවා.මේ නිසා තමයි අපේ කාන්තවන්ට වැඩි පුරම කොන්දේ අමාරු හැදෙන්න හේතුව.

අඩි උස නිසා දණහිස් වලට අසාමාන්‍ය තෙරපුමක් , පීඩනයක් ඇතිවෙනවා. මේ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා අගල් 3 උස පාවහන් පලඳින විට 76% කින් පීඩනය වැඩිවීමක් සිද්ද වෙනවා.
ඒ වගේ මේ පවහන් වලින් ඇති වෙන ආනතිය |Angle නිසා කකුලේ ගැස්ට්‍රොක්නිමියස් පේශිය|Gastrocnemiua Muscle සංකෝචනය වීමක් සිදුවෙනවා. එවිට ගැස්ට්‍රොක්නිමියස් මාංශ පේශිය කොට වීමක් වගේම තද වීමක් වෙනවා.
ගැස්ට්‍රොක්නිමියස් පේශිය|Gastrocnemiua Muscle සහ බල නහරයටයි|Achilles Tendon
අනිත් බලපෑම සිද්ධ වෙන්නේ කකුලේ බල නහරයටය|Achilles Tendon කකුලේ ඉදිරිපස කොටස පහතට තල්ලු වෙනවා විලුඹේ සම්බන්ධයත් සමගම. ඒනිසා බල නහරය තද වීමක් හෝ තෙරපීමකට ලක්වෙනවා. මේ නිසා විලුඹ කැක්කුම, කකුලේ අමාරුව ඇතිවෙනවා.
ඒ විතරක් නම් මදැයි, මොළයට සම්බන්ධ රුධිර නාලවලටත් ස්නායුවලටත් හානි වීමෙන් මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇතිවෙනවා.
අදහසක් ලියල එවන්න අමතක කරන්න එපා
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment