උණ වැඩිවී රෝහල් ගත කළ සිසුන් ගෙන් 08ක් තවමත් රෝහලේ

ඌව ශාරිරික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 12දෙනෙකු ඊයේ(20) රාත්‍රියේ දී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර ඇති අතර ඔවුනගෙන් සිසුන් 08දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව බණ්ඩාරවෙල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

වෛරස් උණ රෝගයක් හේතුවෙන් මෙම සිසුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ට වැළදී තිබූ වෛරස් උණ රෝගය මේ වනවිට බොහෝ දුරට පහව ගොස් ඇති බවද වාර්තාවේ.

එසේම මෙලෙස හදිසියේ එකවර සිසුන් පිරිසකට උණ රෝගයක් වැළදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් රෝහල් වෛද්‍යවරුන් යොමු කර ඇත.

රෝගී සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයා පැවසීය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips