මැඩි කල් කියන්නේ මැඩියන්ට සම්බන්ධ නිසාදැයි අහන්නට අහුබුදුත් නැත්තේය. නමුත් මට එහෙම හිතෙන්නේය. මෙහේ වැඩි පුර සිටින්නේ මැඩියන්ය. මැඩියන් කිව්වේ ළිං මැඩියන්ය. උන්ට මුළු ළෝකයම ළිඳ පමනි. අපේ බොහෝ ඩොට්ටස්ලාත් එසේය. හැම තැනම වගේ, හරි අගේ පිරිස සුළුය. කොයි වෙලාවේත් ඉස්ටයික්ය. වැඩ කරන වේලාවටද ඉස්ටයික්ය. මම කියන්නේ බොරුනම් ලෙඩක් හදාගෙන ආන්ඩුවේ හොස්සපිටැල් එකට යා යුතුමය. පේශන්ස්ලා පෝලීමේය.
ඩොක්ටර්ස්ලා කතාවේය. කතාව අතර මග නතර වූ විගස මහාබලපරාකෘම ඇටෙන්ඩන්ලා එකෙක් දොස්තර කෙනෙක් ළඟට දමති. අපි ළෙඩේ කිව යුතුය. ඒ අතරේත් එයාලාගේ ලෙඩ ගැන කතා කොරන ගමන් අපිට බෙහෙත් ලියන්නේය. ප්‍රශ්න ඇසීමට නොහැකිය. දෙනදේ බී වෙනදේ බලා සිටිය යුතුය. ඩොට්ටත්, ඇටෙන්ඩනුත්, නර්ස්ලාත්, ඉතා කරුණාවෙන් අප අමතනවාය. කොතරම් කරුණාවෙන් අප අමතනවාද යත් මෙවන් උතුම් මිනිසුන්මේ පුණ්‍ය භූමීයට බිහි කළ උන් මතක් වෙනවාය.
අපේ රටේ හරකුන්ට දොස්තරලා දෙවියෝය. වෙන රටවල තවත් එක් රස්සාවක් පමණි. දොස්තර යයි පෙන්නීමට නලාව කරේ දාගත්ත ගමන්ය. ඩොක්ට බෙහෙත් සීට්ටුව දෙන්නේය. කොන්ඩක්ට ටිකට් එක දෙන්නේය. සමහර විට නොදෙන්නේය. ඉල්ලුවාට ඇහෙන්නේ නැතුවය. ඊ. ඇන්. ටී. ගාවට යැවිය යුතුය. වැඩි බජනෙට ගියොත් අපට ඊ. ඇන්. ටී ගාවට යන්න වෙනවාය. මෙයාලාම ප්‍රයිවට් කොරන තැන්වල මෙසේ නැත. සියළු ප්‍රශ්න අසනවාය අපිට මළ පැන්නත්. එයාලාගේ මළ පනින්නේ නැත. මළ, ටැක්ස් ෆ්‍රී ගෙනා කාර් එකේ වෙන්ටැය. ඉස්පිටිතාලෙදි අයේත් සාක්කුවේ දා ගන්නවා ඇත. සුදු කෝට් නැත. ටයිත් නැත.

ෆැමිලි ඩොක්ටය.මෙතනදී උන්නැහේ අපේ අම්මා ගැන අහනවාය (මතක් කොරනවා නොවේය.) පොඩි එකා හුරතල් කරනවාය. (ඉස්පිරිතාලේදි පේන්න බැරිය.) මළ ගෙදරටත් එනවාය. කොටහළු ගෙදරත් එනවාය. ෆැමිලිය පිටින් මඟුල් ගෙදරත් එනවාය. ෆැමිලි කියන කෑල්ල නිසාය. ගාන එක ලෙඩකට 400 කි. 400 ට ෆැමිලි මෙම්බර් වෙනවාය. මාරය.
තව සැට් එකක් ඉන්නවාය. ඉස්පැසලිස්ලාය. බල වැඩි බැවින් ඉස්පිරිතාලේදි දකින්නට අමාරුය. එන්නේ මහින්ද මහත්තයා එනවා වගේය. ඒත් එයා වගේ හිනාවෙන්නේ නැත. බඩට අනින්නේද නැත. ලෙඩ්ඩු සමග කතාවක් නැත. ඇඳ ලගට ආ විට පමණක් පෙනේ. පොඩි ඩොක්ටස්ලා යස් සර්, යස් සර් ත්‍රී බෑග් ෆුල් සර් කියයි. ඊළග ඇඳට යයි. බෙහෙත් දෙන්නේත් නැත. කරන්නේ ටිකට් කපන එකය. ටිකට් කපන එකාට මෙච්චර බය.

හරියට ටිකට් නැතුව යනවා වගේය. මේ කශ්ටියම ගොම්මන් වෙලාවට චැනලින් සැන්ටර් වලදි දෘශ්ඨිමාන වන්නේය. එහෙත් වැඳ පුදා ගැනීමට මොණරුන් බිලි දිය යුතුය. බලවත් අයට මොණරුන් වැඩි පුර බිලි දිය යුතුය. ඇ.මැට්ටා කැමති නැත. ඒ උනාට තවමත් වැඩේ යනවාය. මදුරුවෙක් මරා ගන්න බැරි එකාට ඉස්පැසලිස්ලා බය වෙන්නේ නැතිය.
පෙසන්ස් ටූ සී ඩොක්ටර් කියා කියනවාය. මළදානේ නොතේරෙන නිසා මව් බසිනුත් කියනවාය. සම හරක් තැන්වල ඩොක්ටර්ස් ටූ සී පේශන් කියා කියනවාය. ඒ ඉස්පැසලිස් ලෙඩෙක් උනාමය. එකසිය ගානට චෙක් කොරනවාය. බෙහෙත් නොදෙනවාය. රිපෝට් ගේන්න කියනවාය. රිපොට් ගන්න තැනත් කියනවාය. නැත්නම් අපේ හරක් සිමෙන්ති චැක් කොරන තැන්වලට යන්න පුළුවන්ය.

වැඩිපුර රිපෝට් ගේන්න කියන තරමට ගොන් ලෙඩ්ඩු මනාපය. දෙවනි වරත් මොණර බිලි පූජාව කළ විට බෙහෙත් දෙන්නේය. බෙහෙත් ගන්න ඕනෑ තැනත් කියනවාය. නැත්නම් කෘමිනාශක බෙහෙත් විකුනන තැන්වලට යයි කියා හිතලා වෙන්න ඇතිය. බෙහෙත් අරන් බිල දැක්කාම කෘමිනාශක බොන්න හිතෙනවාය.
කශ්ටිය මේ හැම දේම කොරන්නේ සල්ලි හොයන්නටය. සැපවත් ජීවිත ගත කරන්නටය. ඉහල සමාජයට යන්නය. සැප වාහන ගන්නය. ළමයින්ට තමන් නොවිඳි ආතල් දෙන්නය. ඇඩුකේෂන් දෙන්නය. ඒ නිසා සුපිරි පාසල්වලට දමාගන්නවාය. නැත්නම් ඉන්ටනැසනල් දානවාය. පිට රට යවනවාය. ඉස්ටෑන්ඩට් එක ගැන නෝ ප්‍රොබ්ලම්ය. පිටරටින් ගෙනාවාම ටෙස්ට් එකක් තියලා මාෆියා මෙම්බ ෂිප් එක දෙනවාය.

අර රට ගිහිල්ලා කොරන වැඩේ කොරන්න මාලඹේ එකක් දාලාය. එකේ ස්ටෑන්ඩ් එක ගැන කශ්ටිය බෝඩ් අරන් ස්ටෑන්ඩ් වෙලාය. අනෙක් උන්ට තියන ටෙස්ට් එක තියලා මුන්ව තමන්ගේ ගොඩට ගන්න බැරි ඇයි කියා බූරූ අපට නොතේරෙන්නේය. සල්ලි පස්සේ යන එවුන්ම. සල්ලි කාරයන්ට එරෙහි වෙනවාය.
මේවා සුව කළ නොහැකි රෝගයන්ය. ඒවානම් කුහක කමය, හීනමානයය, ඊර්ශාවය. මේවාට තවම බෙහෙත් හොයාගෙන නොමැත. සුද්දා හදන වාහනවල ගියාට. හිත වැද්දාගේය. දුන්නයි ඊතළයි අරගෙන දඩයමෙම යන්නේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment