ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර වීම

http://sinhalaya.com/news/sinhala/wp-content/uploads/2011/09/iranianpresident.jpg      ත්‍රස්තවාදය පිටුදැක ලොව සාමය පැතිරවීමේ නාමයෙන් ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කලා. ලොව සිදුවූ යුද අපරාධ වලට බටහිර රටවල සහාය ලැබුනා. සාමයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ බොරුව නිසා රටවල් වලට බලපෑම් කිරීම හෝ බලය අල්ලා ගැනීම කිසිදා සමාව දිය නොහැකි වරදක්.” මෙසේ දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනිජාඩ් ඇමෙරිකාවේ වෙස් මුහුණ ගැලෙව්වේ දැනට ඇමෙරිකාවේ නිව්යෝක් හි පැවැත්වෙන 66 වන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සිය කතාව අතරතුර ය.
                 පාකිස්ථානයේ ගංවතුර ආපදා තත්වයෙන් පීඩා විඳින ජනතාව වෙත සිය ශෝකය පලකරමින් සිය කතාව ඇරඹූ ඉරාන ජනපතිවරයාල ආගමත් මිනිසාත් අතර ඇතිවූ දුරස්ථභාවය ලොවට අයහපත් බලපෑම් එල්ල කර ඇති බව අවධාරණය කොට සිටි අතර අධ්‍යාත්මය නොදියුණු වූ මිනිසුන්ගේ පසුගාමීබව නිසා ලොව වහල් භාවය හා යටත් විජිතවාදය ඇතිවීමට හේතු වූ බවත්ල අවසානයේ ලොව බොහෝ කොටසක් සීමිත බටහිර රටවල් ගණනක යටත් විජිත වූ බව ද ප්‍රකාශ කර සිටියේ ය.

             ඉරාන ජනපතිවරයා බටහිර රටවලට  දෙසන්නට පටන් ගත්තේ මෙතැන් සිට යි.  සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදය මුළු ලොවටම තර්ජනයක් බවත් එය පිටුදැකීම හා ලොව ආරක්ෂා කිරීම උදෙසා ඇති එකම මාර්ගය ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ හමුදා සෙබළුන් ස්ථානගත කිරීම බව ලොවට ඒත්තු ගන්වනු ලැබුවා. මේ සැලැස්ම අනුව ඉතා ඉක්මණින් ඇෆ්ඝනිස්ථානයේත් මෙන්ම ඉරාකයේ හමුදා ස්ථානගත කලා. 9/11 ප්‍රහාරයෙන් 3000කට ආසන්න ජනතාවක් මියගිය බව පැවසුනා.
              නමුත් මතක තබා ගන්න. මේ වනවිට ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය වී තිබෙනවා. මිලියන ගණන් තුවාල ලැබුවාග නමුත් ප්‍රශ්නය එතැනම යි. 9/11 ප්‍රහාරයට වගකිවයුත්තේ ඇමෙරිකාව මයි.   ඉතා බලවත් ත්‍රස්ත සංවිධානයක් ඇමෙරිකාව වැනි දියුණු බුද්ධි අංශ සිටින රටක ඒ සියල්ල අභිභවා පැමිණ ප්‍රහාර එල්ල කලා.   
              9/11 ප්‍රහාර පිටුපස සිටින්නන් ඇමෙරිකානු නිලධාරීන් සමග සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ලැබුනත් ඇමෙරිකාව විසින්ම ඒවා විනාශ කරනු ලැබුවා. අවම වශයෙන් 9/11 ප්‍රහාරය ගැන නිදහස් පරීක්ෂණයක්වත් පැවැත්වූයේ නැහැ.
         පසුව 9/11 ත්‍රස්තවාදී ප්‍රහාරය ඇමෙරිකාව තම වාසියට යොදාගත්තා. තමන්ගේ ආර්ථිකය බිඳ වැටීම සඟවා එය මැද පෙරදිග රටවලට පැටවීමට ඔවුන් මෙය යොදා ගත්තා. මේ සම්පූර්ණ ක්‍රියාදාමය ඇමෙරිකාවේ ම සැලැස්මක් බවට අදහස බොහෝ රටවල් තුල පවතිනවා. අනෙක් අතට ත්‍රස්ත කල්ලියක් විනාශ කිරීමේ මෙහෙයුමකදී අහිංසක ජනතාව දහස් ගණනින් මරාදාන එක කොයි තරම් සාධාරණ ද රෑ අපි ඉරානයේ ත්‍රස්තයින්ට විරුද්ධව කල සටනේදී කිසිම අහිංසක වැසියෙකුට හානියක් සිදුවුනේ නැහැ. ඇයි ඒ ආකාරයේ මෙහෙයුමක් සිදු කරන්නට නොහැකි වුනේ.
          9/11 ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්විය යුතු බවට මා යෝජනා කරනවා. අවම වශයෙන් එවිටවත් මේ ප්‍රහාරය පිළිබඳව ඇති මත ප්‍රකාශ කරන්නට අනාගතයේදී ඉඩක් ලැබේවි.
           ලෙබනනයට එරෙහි හා ගාසා තීරයේත් අහිංසක නිරායුද ජනතාවට එරෙහි බොහෝ ප්‍රහාර දියත් වුනා. පලස්තීනයට එරෙහි මෙහෙයුම් වලට බටහිර රටවල සහාය ලැබෙනවාග බටහිර හා යුරෝපීය රටවල් මහ ඉහළින් සලකන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියවත් අවම වශයෙන් ආරක්ෂා වී නැහැ. පලස්තීනුවන්ගේ අයිතීන් ගැන කිසිවෙක් සලකන්නේත් නැහැ.”
 
                   ලොව පහල වූ දරුණුතම අවිය න්‍යෂ්ටික අවියයි. න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම අත්සන් කල රටවල් සියල්ල අසීමාන්තිකව න්‍යෂ්ටික ශක්තිය භාවිතා කරනවා. න්‍යෂ්ටික අවි භාවිතය ලොවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බව මා ප්‍රකාශ කරනවා.. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය නිශේධ බලය හිමි රටවල් කිහිපය වටා කේන්ද්‍රගත වෙලා. එ.ජා. සංවිධානයේ ප්‍රධාන කුළුන ලෙස පවතින මහා මණ්ඩලය නොසලකා හැරලාග පසුගිය දශක ගණනාවක් තුල ආරක්ෂක මණ්ඩලයේ එක් රටක් හෝ ප්‍රශ්නයක පාර්ශවකරුවෙක් වී තිබෙනවා.. විත්තිකරු හා විනිශ්චයකරු එකම පාර්ශවයක සිටින විට අපි කොහොමද සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන්නෙ.
                   එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ලොව සාමයල සහජීවනය පවත්වා ගැනීම උදෙසා නිර්මාණය වූ මූලස්ථානය . නමුත් එය ප්‍රතිව්‍යහගත විය යුතුයි ලොව පාලනයල කළමණාකරණය සම්බන්ධ කාරණා වලදී සෑම සාමාජික රටකටම දායක විය හැකි ලෙසගග නිශේධ බලය ඉවත් කලයුතුයි. ඒ වෙනුවට මහා මණ්ඩලය ප්‍රධාන විය යුතු යි. මහ ලේකම්වරයා අතිශයින් අපක්ෂපාතී විය යුතුයි සෑම කටයුත්තක දී මගග එසේම ඔහුට එසේ ක්‍රියාකරන්නට අවස්ථාව තිබිය යුතුයි. කිසිම විටෙක ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවතෙන රටේ බලපෑමට ලක් නොවිය යුතුයි. ඒ සඳහා ක්‍රියාකාරීව මැදිහත්වන්නට ඉරාන රජය සූදානම්..
                    නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නම් ව්‍යාජ හේතුව ඉදිරිපත් කොට අනෙක් රටවල් පීඩාවට පත් කිරීම සහ බලය යෙදවීම සමාව නොදිය හැකි අපරාධයක් බව මා පැහැදිලිව ප්‍රකාශ කරනවාග බලය, යුද්ධය,ඒකාධිපතිවාදය, පාලනය වෙනුවට දැන් ලොවට අවශ්‍ය වන්නේ එකිනෙකා පිළිබඳව දයාවල යුක්තිය සහ එකමුතුබව පමණයි.
      එසේමල ලොව සාමදූතයා හා ආණ්ඩුකාරයගේ චරිත නිරූපනය කරන ඇමෙරිකාව සත්‍ය වශයෙන්ම ලොව සිදුවූ ඉතා දරුණු මිනිස් සංහාර මෙන්ම යුද අපරාධ වලට හවුල් බවට අහමඩිනිජාඩ් මහතා චෝදනා කලේ ය.
 
                    කෙසේ නමුත් ඉරාන ජනපතිවරයාගේ මේ දරුණු වාග් ප්‍රහාරය හමුවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක නියෝජිතයින්ට ශාලාවෙන් ඉවත්ව ව යාමට සිදුවීම ද විශේෂත්වයක්,. එනම් ඉරාන බටහිර රටවල් හුනස්නෙන් නැගිටුවන්නට ද ජනපතිවරයාගේ මේ කථාව ඉවහල් වී ඇති වගක් පෙනෙන්නට තිබේ.
                නොසිතූ විරූ ලජ්ජාවකට ලක් වීමට සිදු වූ මේ අවස්ථාව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර වීමක් බඳුමය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips