ජලභීතිකාවෙන් 19 ක් නොඑන ගමන් ගිහින්

http://www.srel.edu/outreach/factsheet/dog.gifමේ වසරේ ගත වූ කාලය තුළ ජල භීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.පොළොන්නරුව , කෑගල්ල , කළුතර , හම්බන්තොට , මාතර , බදුල්ල ‍, මොණරාගල , වව්නියාව , මන්නාරම , කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වලින් කිසිඳු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයකි.
              පසුගිය මාස 8 තුළ සුනඛයින් සඳහා වන්දාකරණ සැත්කම් තිස් හය දහස් පන්සිය පනස් දෙකක් සිදු කර ඇති බව සෞඛ්‍ය ‍අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
                     ඊට අමතරව රසායනික වශයෙන් සුනඛයින් විසි දෙදදහස් පන්සිය විසි අට දෙනෙකු වන්දාකරණයට ලක් කර තිබේ.
                     අයාලේ යන සහ ගෘහස්තව ජීවත් වන සුනඛයින් හාරලක්ෂ හැටදහස් එකසිය හතළිස් හතර දෙනෙකු සඳහා මේ වසර තුළ එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්වේ.මේ වසර තුළ පමණක් බල්ලන් සපා කෑම හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ පනස් දෙදහස් පනසිය විසි හතර දෙනෙකුට මානව ජල භීතිකා රෝගය සඳහා එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

1 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips