Showing posts with label රුවන්වැල්ලේ සෝභිත ලයිව් 8 සමග. Show all posts
Showing posts with label රුවන්වැල්ලේ සෝභිත ලයිව් 8 සමග. Show all posts
රුවන්වැල්ලේ ඒ සෝභිත නම් චීවරධාරියා තමන්ගේ ගුරුකම් කටයුතුවලට කතාකරන කාන්තාවන්ට අයුතු යෝජනා ගෙන එමින් දපනේ දමාගන්නා බවට රටට හෙළිදරව් වී තවම වැඩි කාලයක් නැත.
මෙම ආන්දෝලනයෙන් පසු ගිහි පැවිදි විශාල පිරිසක් රුවන්වැල්ලට ගොස් ඔහු වාසය කළා යයි කියන නිවසද වටලන ලදි.මේ උද්ඝොෂණ වලට දේශපාලකයෝද ආවෝය.
 
සැගවී සිටි ඔහු පසුව සුනිල් ශාන්ත නමින් සිවුර අතහැර ගිහි ජීවිතයට එළැඹි බවත් එය පොලිසියට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දුන් බවත් පසුව හෙළි විය. නමුත් ඔහුගේ ගුරුකම් වැඩ වලට කවරක් වූයේදැයි වාර්තා වූයේ නැත.

කිසිම විළි ලැජ්ජාවක් නැති මේ රුවන් වැල්ලේ සුනිල් ශාන්ත දැන් බයක් සැකක් නැතිව රුවන් වැල්ලේ පෙර කී ස්ථානයේම සිය ව්‍යාපාර අරඹා ඇති අතර එයටත් වඩා පුදුමය නම් ඔහුගේ නම කැතවන්නට පෙර ඔහුට ජනප්‍රිය වන්නට උදව් කළ රූපවාහිනී නාලිකා නැවත වතාවක් පෙර පරිදිම ඔහුගේ ව්‍යාපාර සඳහා හොඳම වේලාවන් තුළ ප්‍රචාරණය ලබාදීමයි.

මෙයින් ගම්‍ය වන්නේ චීවරය අතහැරි විට ඔහු වැනි අය කරන දේට අනුමැතියක් ලැඛෙන බවද?සැත්-18 ඉරිදා ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති ආරම්භ කළ අවස්ථාවේම එහි පහළ තීරුවේ ඊසි ටීවී දැන්වීමක් ලෙස රුවන් වැල්ලේ සෝබිත වෙද මැදුරේ ගුරුකම් දැන්වීම පළ වූයේ පහත ආකාරයටය.




 
"බැලුම්ගලින්"කරන ලද හෙලිදරවුව අහන්න මෙතනින්
ආන්දෝලනයට ලක්වූ රුවන් වැල්ලේ සෝභිතගේ අසභ්‍ය හඩපටය
 
නිවස වැටලු අවස්ථාවේ ලබාගත් ඡායාරූප
 
 
 
දැන් ඡන්ද උණුසුමේ අවසන් දින කිහිපයේ හොඳ හොඳ වැඩ සිද්ධ වන්නේය. මීගමුව නගරසභා එජාප ඡන්ද වේදිකාවකට ඊයේ ගොඩවැදුණ තරුණියක කියා සිටියේ මීගමුව එජනිස පුරපති අපේක්ෂකයා විසින් තමන්ව බලහත්කාරයෙන් රඳවාගෙන සිට අතවර කරන්නට උත්සාහ කළ අවස්ථාවේ තමා එයට විරුද්ධ වූ පසුව ඇසිඩ් ගැසූ බවයි.

මෙම සිද්ධිය 2007 වසරේදී සිදුවූ බවද ඇය කියනවා.මුහුණ හා ගෙල පෙදෙස විකෘති වී තිබුණ ඇය මෙම අවස්ථාවේදී තමන්ට සිදුවුණ අසාධාරණය හා සම්බන්ධ වෛද්‍ය වාර්තා හා වෙනත් ලියවිලිද මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

රූමත් තරුණියක වූ ඉරේෂා ලක්මිණි කුමාරි නම් ඇය මෙම සිදුවීමට පෙර කලා කටයුතුවලද නියැළී සිටි බව කියැවෙන අතර පුවත්පත්වල පිටකවරය සරසමින් ඡායාරූපවලටද පෙනී සිට ඇත.ඇයට ඇසිඩ් පහර වැදුණු පසු ඇගේ රුව විකෘතිව ගොසිණි.



මෙම අවස්ථාවේ ඇයට සිදුවුණ අසාධාරණය දේශපාලකයින් විසින් සිය වාසියට පාවිච්චි කර ඇති බව පෙනෙන්නට තිබිණි.

මාධ්‍ය වෙත ඛෙදා දුන් ඇයගේ පෙර පසු ඡායාරූප හා වෛද්‍ය වාර්තාව පහත පළවෙයි.


Add caption

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips