Showing posts with label දුමින්දට යන්ත්‍ර නැතිව දිවි ගෙවීම අමාරුයි. Show all posts
Showing posts with label දුමින්දට යන්ත්‍ර නැතිව දිවි ගෙවීම අමාරුයි. Show all posts
http://us.123rf.com/400wm/400/400/sarah5/sarah51105/sarah5110500012/9604388-a-black-cartoon-boy-with-a-broken-leg-and-arm-sitting-in-a-wheelchair-he-is-looking-very-sad-white-b.jpg(2011.ඔක්.11) සිහිසුන් තත්ත්වයෙන් පසුවන දුමින්ද සිල්වා ශෛල්‍ය කර්මයට භාජනය කර ඊයේ සවස 4.30 වන විට පැය 48 සම්පූර්ණ විය. ඔහුට සවි කර තිබූ කෘතිම ස්වසන යන්ත්‍ර ඉවත් කළ විට ස්වයංව හුස්ම ගත නොහැකි තත්ත්වයට පත්ව රෝගියාට අමාරු වූයෙන් යළි ඒවා සවි කෙරිණ. ඉන් පසුව සීටීසී ස්කෑනින් පරීක‍ෂාවක් සිදුකරන ලද අතර එහිද ප්‍රගතියක් දක්නට නොමැති බව වෛද්‍යවරු පැවසූහ.

ශෛල්‍යකර්මයෙන් පැය 48 කට පසුවත් දුමින්ද සිල්වාට මෙනිටෝල් නම් ඖෂධය දෙමින් තිබේ. එම ඖෂධය දෙනු ලබන්නේ මොළයේ
ඉදිමීම නැවැත්වීමට ය. පැය 48 කට පසුවත් මොළයේ ඉදිමීම එලෙසම පවතින නිසා මෙනිටෝල් දිගටම දීමට සිදුව තිබේ. මොළය යනු කබොල්ලකින් වැසී ගිය තැනෙක තිඛෙනන්නක් බැවින් මොළයේ ඇතිවන ඉදිමුම පිටතට යාමට තැනක් නොමැති නිසා මොළයේ පහල කොටස් තෙරපීම සිදු වේ.(ඉන්ටර් ක්‍රෝනිකල් ප්‍රෙෂර්) ස්වසනය හෘද ස්පන්දනය ආදී සිරුරේ ක්‍රියා වලට අණ ලැඛෙන්නේ මොළයේ පහළ කොටසින් බවත් එම ප්‍රදේශය තෙරපීම හේතුවෙන් ස්වසනය ආදී කාරණා සිදු නොකෙරෙන බවත් වෛද්‍යවරු පවසති. මේ හේතුව නිසා දිගින් දිගටම ජීවිතාධාර යන්ත්‍ර මගින් රෝගියා ජීවත් කරවීමට සිදුව තිබේ.

මෙසේ කොතෙක් කලක් සිටිය හැකිදැයි අප කළ විමසුමකදී වෛද්‍යවරු කීවේ මාසයක් දෙකක් පමණක් නොව වසරක් දෙකක් වුවත් යන්ත්‍ර ආධාරයෙන් සිටිය හැකි බවයි. නමුත් යන්ත්‍ර ඉවත් කිරීමෙන් පසු රෝගියා මිය යන බවත් වෛද්‍යවරු පැවසූහ.
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips