පොඩ්ඩන්ට හානි ගෙනෙන අව් කණ්නාඩි



අද වන විට අපගේ මිනිසූන් හිරු එළියට යන අවස්ථාවලදී අව් කණ්ණාඩියක් භාවිත කිරීමට පූරුදු වී සිටී. එය ඇසට ආරක්ෂාව ලබා දෙනවාට වඩා විලාසිතාවකට පැළඳවීමට පූරුදු වී තිබේ. ඇතැම් අය මග තොටෙ තිබෙන ප්‍රමිතියකින් තොර අව්කණ්ණාඩි පැළඳ ගන්නා අතර කුඩා දරුවන්ටද පැළඳ වීමට පූරුදු වී ඇත. 


සාමාන්‍යයෙන් හිරු කිරණේ විවිධ සංඝටක හා වර්ණාවලියේ දෘෂ්‍ය අදෘෂ්‍ය කොටස් එකතු වී තිබේ. හිරු එළියෙන් නිපදවන පාරජම්බූල කිරණ සී. එෆ්. සී. වැනිවායූ අපට කොහෙත්ම හිත කර නොවේ.


අතීතයේ දී සැඩ හිරු රැස් වැටීම ඕසෝන් ස්ථරය මගින් පාලනය වීමක් සිදුවූණූ අතර දෑන් ඕසෝන් ස්ථරය විනාශ වීගෙන යන නිසා විකිරණශීලී කිරණ කෙලින්ම අපට යොමූ වේ. අව් කණ්ණාඩියක් පැළඳ වීමෙන් තද හිරු රැස් ඇසට ඒම වළක්වා ගනී. එහි තිබෙන කාචයේ දෘෂ්ටි විතානයේ ශක්තිය අවශෝෂණය කර ඉවත් කර හැරීමක් සිදු වේ. මෙයින් ඇසට හිරු කිරණ වැටීමෙන් අපහසූවක් ඇති නොවේ. සාමාන්‍යයෙන් අප රට තුළට හොඳින් හිරු එළිය දිස් වේ. එමෙන්ම හිරු එළියත් සමග රැකියාවල නිරතවන පූද්ගලයෝ ද සිටිති. හිරු එළිය වැටීමෙන් ඇස්වලට අපහසූතාවක් ඇති වේ.  හොඳ ප්‍රමිතියකින් යූතු අව් කණ්ණාඩියක් භාවිත කිරීම අහිතකර නොවේ.


උපතින්ම තද ආලෝකය දරාගත නොහැකි හා උපතින්ම ඇස් රෝග තියෙන පූද්ගලයෝ ද සිටිති. ඒ අයට වෛද්‍යවරයා විසින්ම අව් කණ්ණාඩි භාවිත කරන්නට නියම කරනූ ලබයි.


එවැනි රෝගීන් එම උපදෙස්වලට අනූව කටයූතු සිදුනොකරන්නේ නම් ඇතැම් විට ඇසේ සූද ඇති විය හැකි අතර දෑස් පීඩාකාරි විය හැකියි.


සාමාන්‍යයෙන් අව් කණ්ණාඩි වර්ග කිහිපයකින් තිබේ. ටින්ටස් ග්ලාස්, ෆොටෝ ක්‍රොමින්ස් ලෙන්ස්, මෙම කණ්ණාඩිය සාමාන්‍ය ලෙස වැඩ කටයූතු කර ගැනීමටත් දෑමිය හැකි අතර හිරු එළියට යන අවස්ථාවේදී ද භාවිත කරන්නට හැක. මෙය දෘෂ්ඨි ආබාධ තියෙන අයට සහ විලාසිතාවලට වූවද දෑමිය හැකියි. එය ඇසට හානිකර නැත. පෝලරයිසින් සන් ග්ලාස් සහ ෆිල්ටස් ග්ලාස් යනූවෙන් වර්ග දෙකකි. ෆිල්ටස් ග්ලාස් කණ්ණාඩිය ඉතා හොඳ වර්ගයේ වන අතර මෙය රියදුරන් සඳහා සූදුසූය.


විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ කුඩා දරුවන්ට අව් කණ්ණාඩි දෑමීම එතරම් සූදුසූ නොවන බවයි. එයට හේතුව ඇසෙන් මොළයට ගමන් කරන සංඥා අඩූ වී මෙන් පෙනීම දුර්වල වීමට හැකියාව තිබෙන හෙයිනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips