ඖෂධ ප්‍රවාහනය කරන රථවාහන ලියාපදිංචිය අනිවාර්යයි

වාණිජ කටයුතු වෙනුවෙන් ඖෂධ ප්‍රවාහනය කරනු ලබන රථවාහන විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය යට‍තේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බව එම අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය. 
ඔහු සඳහන් කර සිටියේ කිසිදු වාණිජ කටයුත්තක් සඳහා විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කිරීම නිතී විරෝධී බවය.

ඖෂධ ප්‍රවාහනය කරනු ලබන රථවාහනවල වායුසමීකරණ තත්ත්වය, පිරිසිදුභාවය ආදී අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමින් අධිකාරිය විසින් අදාළ බලපත්‍රය නිකුත් කිරීම සිදු කෙරේ.

එම බලපත්‍රය නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ රථවාහන රැසකට පසුගිය සමයේ දී නඩු පැවරීමට ද ක්‍රියා කළ බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips