වෙබ් සයිට්වල දාල තියන නාමල්ගෙයි මගෙයි ප්‍රේම කතාව බොරුවක්

භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය හිරුනිකා සමග ජනපතිපුත් නාමල් රාජපක්ෂ මහතා පෙම් පළහිලව්වක් තිබුණ බවත් එයට පැමිණි බාධකයක් මුල් කරගෙන මෙම අවාසනාවන්ත සිද්ධියට අනුබල ලැබුණ බවත් දක්වමින් එක්තරා වෙබ් අඩවියකින් පසුගිය දිනවල පතුරුවාහැර තිබුණ කතාව අසත්‍යයක් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ රාත්‍රී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අදහස් පළ කළාය. ඇය තමාගේ පෙම්වතා යයි හැඳින්වූ තරුණයාද රූපවාහිනී කැමරාව හමුවේ පෙන්වමින්
තමා අවුරුදු 5ක් තිස්සේ සිටින පෙම්වතා මොහු බව කී අතර මෙවැනි අභූත කතා ප්‍රබන්ධ කර තමාගේ නමට කැලලක් ඇති නොකරන ලෙසත් දැනටමත් මානසිකව වැටී තිඛෙන තමා තවත් නොවට්ටන ලෙසත් ඉල්ලා සිටියාය.ඇගේ කතාව මෙපරිදිය.


"මේ වගේ වටින මනුස්සයෙක් මැරුණයින් පස්සේ ඉන්ටර්නෙට්වල වෙබ් සයිට්වල මේ දාල තියෙන දේවල් දැක්කම හිතට ගොඩක් දුකයි...අපි කවදාවත් තාත්තිට කිසිම විදිහකින් වැරදි නමක්වත් එන්න තිබිල නැතිව ඇයි මේ බොරුදේවල් ප්‍රචාරය කරල අපිව නැති කරල දාන්න හදන්නේ...සමහර පුද්ගලයො උත්සාහ කරනව මේ දේවල් වලින් අපිව වට්ටන්න’’අපිට වැටෙන්න දෙයක් තවත් නෑ....හොඳටම වැටිල ඉන්නේ...මෙහෙම දේවල් කරන්න එපා...මේ ඉන්නෙ අවුරුදු පහක් තිස්සේ මං යාළුවෙලා ඉන්න එක්කෙනා....එහෙම තියෙද්දි කොච්චර වැරදිද ඉන්ටර්නෙට් එකේ මෙහෙම කැත කතා දාන එක.. කරුණාකරල අපට මෙහෙම කරන්න එපා..."
ඇය කළ ප්‍රකාශයේ වීඩියෝව බලන්න මෙතැනින්

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips