.jpg)
තව දෙයක් මේක බෙහෙතක් විදියට පාවිච්චි කරනව නම් මතක ශක්තිය වැඩි වෙනව කියල අපි අහල තියෙනව. හොද කල්පනාවකුත් තියෙනවලු. කොල්ලනේ අපි මතින් තොර වුනොත් ඒකෙ හොද අපිටමයි. ඕකට නම් කීපයක්ම තියෙනවනෙ ගංජා, කංසා, ප්‍රසිද්දම එක මල්නෙ. හැබැයි මේකට කියන තව නමක් තියෙනව මේක කවුරුත් වැඩිය දන්න එකක් නෙමෙයි තයිලෝකනාථ විජයපත්‍රම් කියල තමයි කියන්නෙ, මේක පුරාණ වෙද පොත්වල තමයි තියෙන්නෙ.
ඒ කාලෙ රාජකීය උයන්වල වගාකලා කියලත් කියනව, මේක ඉතින් අපේ කොල්ලන්ට නම් දැනුත් රාජකීය භාන්ඩයක් තමයි නේ ද?..... කොහොම හරි කියන්න ඕන තණමල්විල ගැන වැරදි මත අයින් කරගන්න කියන එකයි වැරදියට මේක පාවිච්චි කරන්න එපා කියන එකයි තමයි. මල්බොනවට නම් අපි කොහෙත්ම කැමති නෑ මල් ගහන්න පුලුවන් ටික කාලයයි නැවත සෑදිය නොහැකි ලෙසම මොලයේ සෛල විනාශ වෙනව,අපි දැකල තියනව මල් ගහල ටික කලකින් මානසික රෝගි වෙනව. මම අහල තියන විදියට මේව වෙන මානසික රෝග වගේ නෙමෙයි නැවත යතා තත්ත්වයට පත් කල නොහැක.සමහරුන්ට හරියට ඇවිද ගන්නත් බැහැ.සමහරු ඕකට කියන්නෙ ගංජා ගැට ඇවිල්ල කියල.
අරක්කු බීල පිස්සු කෙලිනව මල් ගහල පිස්සෙක් වෙනව . මල් ගැන කියන්න ගිහින් මාව ගෙනියන්න මල් මාලත් අරන් පොලීසිය ගෙදරටම ඒවිද දන්නෙත් නෑ නේ ද?......
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment