මෑතක ඉදන් රියදුරන් සම්බන්ධව සීට් බෙල්ට් නීතිය තදින් ක්‍රියාතමක කරන්න පටන් ගෙන තියනව. රියදුරා විතරක් නෙවි ඉදිරිපස අසුනේ ඉන්න අනිත් කෙනත් සීට් බෙල්ට් දාල නැතිනම් දඩ ගහනවලු. ගොඩක් අය කියනව ඕව පොලිස්කාරයන්ට කීයක් හරි හොයා ගන්න තියන බොරු නීති කියල. ඇරත් රියදුරාට තිබුනත අනිත් කෙනාට සීට් බෙල්ට් මොකටද කියල සමහරු අහනව. ඇත්තටම මේ නීතිය ගොන් පාට් එකක්ද?
පොඩ්ඩක් සලකල බැලුවොත් රිය අනතුරු බොහොමයක ඝට්ටනය වන්නේ රථය ඉදිරිපසින්. සරල භෞතික විද්‍යාව යෙදුවොත් මිලිතත්පර කීපයකින් අධික මන්දනයකට (Deceleration) මුළු රථයම සහ එහි තුල සියළුමදේ නතුවනව. මෙවිට රියදුරු අසුනේ ඉන්නා කෙනා නිසි පරිදි ආසනපටි පැලදුවෙ නැතිනම් ඔහුව ඉදිරියට විසිව ගොස් ඉදිරියෙන් වූ රිය කොටස් වල ගැටීම නිසා පහත දේවල් වෙන්න පුළුවන්.
- හිස ඉදිරියට ඇදී ගොස් ඉදිරිපස winsdscreen එකේ හෝ පැත්තේ ඇති රිය කොටස් වල අධික වේගයෙන් වැදීමට හැක.
- ඇතැම් විට රියදුරා තම හිසෙන් ඉදිරිපස වීදුරුවත් කුඩුකරගෙන රථයෙන් ඉදිරියට විසීවීය හැක.
- පපු ප්‍රදේශය එක්වරම සුක්කානමට තදවී පර්ශු (ඉල ඇට) බිදී යාමත් හෘදය වස්තුව හා අක්මාවට හානි වීමත් විය හැක.
- දණහිස ගොස් ඉදිරිපස පුවරුවේ ගැටී තුවාලවීම් හා අස්ථි බිදීයාම් විය හැක.
- රිය අනතුරේදී කකුලෙන් වැරෙන් තිරිංග පාගා සිටින විටක සිරුර තව දුරටත් ඉදිරියට චලනය වීමට උත්සාහ දරණ විට එම ආතතිය පාදයේ අස්ථි දිගේ උකුලට සම්ප්‍රේෂණය වීමෙන් උකුල් අස්ථි බිදීයාම්, උකුල් සන්ධිය පැනීම (Dislocation) වියහැක.
- පෙර කිව්ව ලෙසම හෘදය වස්තුවත් උරස් කුහරය තුළ ඉදිරියට වේගයෙන් චලනය වෙන්න උත්සාහකරද්දී මුළුසිරුරටම ලේ ගෙනියන මහාධමනියත් ඉරීයාමට ලක්වෙන්න පුළුවන්. මේක නම් මාරාන්තිකයි.
දැන් ඔය ගෙනාපු අළුත් නීතියේ තියනවාලු නේද රියදුරා සීට් බෙල්ට් දාල හිටියත් අනිත්පස ඉදිරි අසුනේ ඉන්න කෙනා ඒක දාල තිබුනෙ නැතත් දඩ ගහනව කියල. දැන් අපි බලමු ඉදිරිපස යාබද අසුනේ ඉන්න කෙනාට අනතුරකදි මොනද වෙන්නේ කියල. බොහෝ වෙලාවට අනතුරකදි රියදුරාට වඩා වැඩි හානියක් ආසන පටි නැතිනම් ඔහුට වෙන්න පුළුවන් කිව්වොත් ඔම මාත් එක්ක එකඟ නොවෙන්නත් පුළුවන්.
මේකට හේතුකීපයක් තියෙනව.
- ඉදිරිපස යාබද අසුනේ ඉන්න කෙනා බොහෝවිට අනතුරට සූදානමින් නෙමෙයි ඉන්නෙ (රියදුරා හා සසදන විට) ඇතැම් විට එයා පොඩි නින්දක් දාගෙන යනව වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් අවධානය වෙනතක වෙන්න පුළුවන්.
- රියදුරාගෙ ඉදිරිපස තියන සුක්කානම නිසා අනතුරකදී ඉදිරියට විසිවිම පොඩ්ඩක් අඩු වෙනව (සුක්කානමට හිරවීත් අනතුරු වෙන්න හැකිවුවද) . හැබැයි ඉදිරිපස යාබද අසුනේ ඉන්න කෙනාට එවන් බාධකයක් නැති නිසා කෙලින්ම වීදුරුව කුඩුකරගෙන රථයෙන් ඉදිරියට විසිවෙනව.
හරි දැන් බලමු කොහොමද මේ සීට් බෙල්ට් එක නිසා මේව වැලකෙන්නෙ කියල. ඔය පහත තියන අන්තිම කරුණු දෙක තේරුම්ගන්න නම් පොඩ්ඩක් භෞතික විද්‍යාව යොදන්න ඕන.
- රිය අනතුරකදී වන වේගවත් මන්දනයන් හමුවේ සිරුර ඉදිරියට විසිවීම හැකිතාක් අඩු කරමින් ඉදිරිපස වීදුරුව, සුක්කානම යනාදීය හා ගැටීම සීට් බෙල්ට් මගින් අවම කරනව
- අනතුරේදී මගියා ජනෙල් දොරවල් කඩාගෙන රථයෙන් එලියට විසීවීයාම වලක්වනව
- තද මන්දනයකදී ආසන පටිත් යම්තාක් දුරකට ඇදෙමින් ශරීරය මන්දය වෙන්න යන කාලය වැඩි කරල අනතුරේ ප්‍රභලතවය අඩු කරනව. (භෞතික විද්‍යාව කරපු අය දන්නවනෙ මන්දනය= ප්‍රවේග වෙනස/ කාලය කියල)
- පළල් ආසන පටි නිසා මන්දනය නිසා වන බලය වැඩි පෘෂ්ඨ ක්ෂේත්‍රපලයක් මත තමා ලැබෙන්නෙ. නැතිනම් හිතන්න හිස ගිහින් සුක්කානමේ වැදුනාය කියා. ඒ හා සසදද්දි ඒකීය ක්ෂේත්‍රපලයක් මත වන බලය බෙල්ට් දාල තිබ්බොත් අඩුයි.
ඕන්න ඕකයි සිද්ධිය. රිය අනතුරු ගැන කියපු නිසා මොළයට හා කෂේරුවට ගොඩක්බ බහුලව වෙන්න පුළුවන් තව අනතුරු වර්ග දෙකක් ගැන කෙටියෙන් කියන්නට හිතුනා. මෙවගෙ සිංහල පාරිභාශික වචන නම් දන්නේ නෑ. ඒක හින්ද කඩ්ඩ වචනම යොදනව ඕන්.
෴Whiplash Injury ෴


මේක වලක්වන්න මූලිකම ක්‍රමය නම් සීට් එකට හොඳ Head-Restraints (හිස ආධාරක) නිවැරදිව යෙදීමයි. රූපෙ පෙන්නනව හිස ආධාරකය හරියට තියන්නෙ කොහොමද කියල.
෴Coup contrecoup injury෴

රිය අනතුරකදි විතරක් නෙවි හිසට තදබල පාරක් වැදෙන වෙලාවන්හිදීත් මේ අන්දමට ම අනතුර වෙන්න පුළුවන්. හැබැයි රිය අනතුරකදී බාහිර පේන තුවාලයක් නැතිව තිබුනත් මොළේට ඇතුලින් මේ අන්දමට තැලීමක් වෙලා තියෙන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් (ඔන්න ආයෙ භෞතික විද්‍යා කෑල්ලක්) අනතුරකදී හිස්කබලට සාපේක්ෂව මොලයේ චලිතයක් තියනව. ඒ මොළය මෘදුයි වගේම හිස්කබල ඇතුලෙ ඒකට චලනය වෙන්න පුලුවන් නිසා. හිස කොහේවත් වැදුනත් නැතත් වේගයෙන් මන්දනය වෙද්දි මොළය ගිහින් හිස්කබලෙ ඉස්සරහ වැදිල ආයෙත් බවුන්ස් වෙලා පස්සට ඇවිත් වදිනව. තේරුනාද මන්ද?

අන්තිමට තවත් පොඩිදෙයක් කියන්න හිතුව. ඔයගොල්ලො වාහන වල ඉස්සරහ Dash Board එක උඩ තියල තියනව නේද එක එක වෛවාරන සුකුරුත්තම් බඩු. ෆෙන්ෂුයිකරනය වෙච්ච සමහර බස් වල ඉස්සරහ අර ලාෆින් ගෝඩ් කියන වාමනය තියල ඊට ඉස්සරහ භාජනයක කාසි ගොඩක් දාල තියනව මම දැකල තියනව. හැබැයි අනතුරක් වෙච්චි වෙලාවක නම් ඔය සුකුරුත්තන් බඩු රිය තුල සැඟවූ මිසයිල බවට පත් වෙනව.
ඒ කොහොමද? මම කලින් කිව්ව දේට සමාන දෙයක් තමා ඔතනත් වෙන්නෙ. බ්‍රේක් ගහල නතර වෙද්දි ඔලුව ආපස්සට චලනය වෙනව වගේම මේ කිව්ව සුකුරුත්ත්ම් ටිකත් මිසයිල වගේ අධි වේගයෙන් පිටුපසට වීසි වෙනව. Dash Board එක උඩ නිකම්ම තියල තියන දෙවල් නිසා ඒවායේ ගමනට කිසි ප්‍රථිරෝධයකුත් නෑ. ඉතින් රියේ ගමන් කරන අයට වෙනව අනතුරින් බේරෙන්න වගේම රථය තුලම තියන මේ මිසයිල වලිනුත් බේරෙන්න.
ලිපියට තවත් ටිකක් පහලින් පෙර කී අන්දමේ රිය අනතුරුවල රූප කීපයක් තියනව . සංවේදී අය ඉන්නව නම් බලන්න එපා.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment