
නමුත් දැන ටික දොහහක සිට ඔහු පෙන්වන මැජික් හරියාකාරව පෙනෙන් නැති බව බොහෝ දෙනා පවසන බැවින් වෙනත් කණ්ඩායම් යොදා මැජික් පෙන්වීමට උත්සාහ ගත්තද මහලුවියේ සිටින ආනන්දගේ මැජික්වලට මිනිසුන් අකමැත්ත දිගින් දිගටම සිදුවිය.
නහින දෙහින කලයේ ආනන්ද ලැජ්ජාව වසා ගැනීමට මෙන් පොඩි මැජික් පාරක් දැමීමට තීරණය කලහ.ලොව අංක එකේ මැජික් කරුවන් මෙවර කැදවීම් ලැබිණි.
ආනන්දගේ මෙම මැජික් සංදර්ශණයට පරණ මැජික් බලා ඇති බහුතරය රටේ හැම අස්සක් මුල්ලක් සිටම ගෙන්වීමට ආනන්ද කටයුතු කලහ.ලොව අංක එකේ මැජික් කරුවන් එන බැවින් ඔවුන්ද පැමිනියේ සතුටිණි.
අනේ සිදු උනේ නොසිතුව දෙයකි.ලොව අංක මැජික් කරුවන්ටද පෙන්වීමට ද මැජික් ඉතුරු නොකොට පුරා වසර 43 පුරාවටම ආනන්ද මැජික් පෙන්ව ඇත.අංක එකේ මැජික් කරුවන්ද පස්සට නොගොස් පොඩි මැජික් එකක් පෙන්වුහ.
මැජික් එකනම් ටක්කෙටම හරින් ගිහින්වගේ මම අද උදේම කඩේට ගියේ දවල් වේටට කන්න යමක් හා පොඩි එකාට කිරි පැකට් එක ගේන්න හිතගෙන. මා හිතවත් වෛද්‍ය වරයකුට බඩු දෙමින් සිටි මුදලාලි මා දැක්ක ගමන් වෙනදට වඩා සුහදව පිලි අරගෙන පොල් ගෙඩි දෙක තුනක් එලවලු ටිකක් බැගයකට දමා මුදලාලිගෙ වාහනයෙන්ම මාව ගෙදරට ඇරලුවේ බඩුවල මුදලද ගන්නෙම නැත්වයි.
යමින් ගමන් මුදලාලි මට පැවසුවේ රට කිරි නම් දරුවට දෙන්න එපා රට ගැනම හිතන්න කියලයි.ඌ දන්න මගුල රු 65 ට පන යනකන් ඕටී කරන අපිට දරුවන්ට කිරිදෙන්න වෙලවල් තියෙද?කියල මට නිකමට වගේ හිතුනත් රට ගැන හිතල වැඩ කරන අපි වගේ අයට එහෙම දෙයක් කීම කැප නොවෙන නිසා එතනම එය ගිලගත්තෙමි මම.
ගතවුයේ ටික මොහතකි මා හිතවත් වෛද්‍යවරය මට මිස් කෝල් එකක් ගැහුවේය.(මොකද ආනන්දගේ කලින් මැජික් එකකින් පසු අපට ටෙලිපෝනයට මුදල් ලැබෙන නිසා දුප්පත් වෛද්‍යවරයගේ තුට්ටු දෙක වියදම් කරන එක පවුනේ)
"ඔහේලටත් ආනන්දගෙ මැජික් එකෙන් පස්සෙ හරිගියානේ" කියල ඔහු කියනකොට මට පුන්චි ආඩම්බරකාර ලැජ්ජාවකුත් ඇති උනා අනේ.
පඩි ගැන නොසිතා රට ගැන පමනක් වැඩ කරන මැති ඇමතිවරු,දොස්තර මහත්වරු, ප්‍රයිවට් බස් මහත්වරු,තෙල් සේවකයන්,දුම්රිය සේවකයන් ගනයට අපිත් වැටීම ගැන අපි නම් දැන් හරි සතුටින් ඉන්නෙ ඔහේලට කොහමද?
පඩි ගැන නොසිතා රට ගැන පමනක් වැඩ කරන මැති ඇමතිවරු,දොස්තර මහත්වරු, ප්‍රයිවට් බස් මහත්වරු,තෙල් සේවකයන්,දුම්රිය සේවකයන් ගනයට අපිත් වැටීම ගැන අපි නම් දැන් හරි සතුටින් ඉන්නෙ ඔහේලට කොහමද?
මම රට ගැන හිතා පිනට වැඩකරන හෙදියක්
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment