ලෝක තැලසීමියා දිනය මැයි 08 දිනය .

http://www.indiastand.com/wp-content/uploads/2010/05/World-Thalassemia-Day-symptoms.jpgතැලසීමීයා රෝගය රුධිරය හා සම්බන්ධ ප්‍රවේණිගත රෝගයකි. හිමොග්ලොබින් (රුධිරයේ ඔක්සිජන් පරිවහනය සදහා උපකාරීවන සංඝටකය) නිෂ්පාදනයේ ඇති වන සංකූලතා මෙම රෝගයට හේතු වේ. තැලසීමීයාව ප්‍රධාන වර්ග 2කට බෙදේ. 
  • ඇල්ෆා තැලසීමීයාව 
  • බීටා තැලසීමීයාව - මෙහි කොටස් 3කි. 



1.තැලසීමීයා වාහකයා(minor / trait) -

මෙම තත්ත්වය සහිත පුද්ගලයෙකුට,තැලසීමීයා රෝගයට තුඩු දෙන ජානමය තත්ත්වය තිබුනද ඇතැම් විට ඇතිවන මද රක්තහීනතා තත්ත්වයක් නොවන්නට කිසිදු අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොපෙන්වයි.                     

2.තැලසීමීයා intermedia ‍රෝගයට අර්ධ වශයෙන් ගොදුරු වූවන් -

මෙහිදී සැළකිය යුතු තරමේ රක්තහීනතා තත්ත්වයක් ඇති වන අතර වෙනත් සෞඛ්‍ය ප්‍රශ්නද පැන නගී.මොවුනට තම ජීවන තත්ත්වය වැඩි දියුණු කර ගැනීම උදෙසා රුධිර පාරවිලයනය සිදු කිරීම අවශ්‍ය වේ.
                       
 3.තැලසීමීයා (major) රෝගීන් -

මෙය බීටා තැලසීමීයාවේ වඩාත් දරුණුම අවස්ථාවයි.එයින් ඇතිවන ඉතා උග්‍ර රක්තහීනතාවයෙන් මිදී ජීවිතය රැක ගැනීම සදහා නිතර නිතර ක්‍රමවත්ව රුධිර පාරවිලයනයන් සිදු කිරීම හා අනෙකුත් විවිධ ප්‍රතිකාර අත්‍යවශ්‍යය.
 
තැලසීමීයාව ඇති වන්නේ කෙසේද?


  •     තැලසීමීයා රෝගීන් (major) - 25%
  •     වාහකයා (trait) - 50%
  •     නිරෝගි - 25%

හිමොග්ලොබින් සැදීම සම්බන්ධ ජානයන් යමෙකු තුළ නොමැති වීම මෙම තත්ත්වය ඇති වීමට හේතුවයි.රෝගී පුද්ගලයන් හිමොග්ලොබින් ඉතා කුඩා ප්‍රමාණයක් නිපදවන අතර,සාමාන්‍ය පුද්ගලයන්ට සාපේක්ෂව ඔවුනගේ රුධිරයේ පවතින රතු රුධිරාණු සංඛ්‍යාවද අඩුය.

ඉහත දැක්වූ විවිධ සංකූලතා මට්ටම්වලින් යුත් තැලසීමියා තත්ත්වයන් සහිත රෝගීන්ට,එම ජාන දෙමව්පිය දෙදෙනාගෙන්ම ලැබී ඇත.තම දෙමව්පියන්ගෙන් එක් අයෙකුගෙන් රෝගී ජානයද ,අනෙක් පුද්ගලයාගෙන් සාමාන්‍ය නිරෝගි ජානයක්ද ලැබුණු විට එම පුද්ගලයා තැලසීමීයා වාහකයකු (trat) බවට පත්වේ.මොවුනට මද රක්තහීනතා තත්ත්වයක් හැරුණුවිට වෙනත් රෝගී බවක් නැති නමුත් තම දරුවන්ට රෝගී ජාන දායාද කිරීමේ හැකියාවක් ඇත.වාහකයන් දෙදෙනෙකු මුහු වීමෙන් බිහිවන දරුවන් තැලසීමීයා රෝගීන් විය හැක.රෝගී දරුවකු ඇතිවීමේ සම්භාවිතාවය ලේ ඥාතීන් අතර සිදු වන විවාහයන් හීදි උපරිම වේ.






http://www.nhlbi.nih.gov/health/health-topics/images/thalassemia_alpha.jpg තැලසීමීයාව සෘජුවම දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම වන ප්‍රවේණිගත රෝගයකි.මෙහිදී හිමොග්ලොබින් සැදීම අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අඩුවේ.අනෙකුත් දිගු කාලීන හා සුව කල නොහැකි රෝග මෙන්ම මෙයද විශාල වශයෙන් මහජන සෞඛ්‍ය ගැටළු ඇති කරන අතරම,රෝගීන්ට හා පවුලේ සාමාජිකයන් මෙම රෝගය හා එහි ප්‍රතිකාර සම්බන්ධව නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීම ඉතා වැදගත්ය.නැතහොත් විවිධාකාර සංකූලතා හේකුවෙන් රෝගියාගේ දිවි කෙටි වීමට ඉඩ තිබේ.රෝගීන් හා පවුලේ සාමාජිකයින් නිසි ලෙස පුනරුත්ථාපනය කිරීම මගින් පවුල් වෙත ඇති වන මානසික බලපැම් විශාල ලෙස අඩු කර ගත හැක.

ශ්‍රී ලංකා ජාතික තැලසීමීයා මධ්‍යස්ථානය,මෙම රෝගයෙන් පෙළෙන ප්‍රද්ගලයන්ට උපකාර කරයි.රෝගය වැළැක්වීම හා රෝගීන් පුනරුත්ථපනය තැලසීමීයා රෝගයේදී ඉතාම වැදගත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික තැලසීමීයා නිවාරණ වැඩසටහන යටතේ තැලසීමීයාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර පවති. මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්, තරුණ තරුණියන් දැනුවත් කිරීම, උපදේශන සේවා ලබා දීම හා තැලසීමීයා වාහකයෙක් ද නැද්ද යන්න හඳුනාගැනීමට අවශ්‍ය පරික්ෂාවන් සඳහා යොමු කිරීම සිදු කෙරේ.

මෙලෙස වාහකයෙක් ද වාහකයෙක් නොවේද යන්න හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂාව කරනු ලබයි. මෙය ''තැලසීමියා පොරොන්දම'' ගැළපීම ලෙස හඳුන්වනු ලබයි. තැලසීමියා යනු සුවකල නොහැකි ජානගත රෝගයකි. එය වළක්වා ගැනීමට තිබෙන එකම ක්‍රියාමාර්ගය වනුයේ තැලසීමියා වාහකයින් දෙදෙනකු අතර විවාහය වැළැක්වීමය.

විවාහයට පෙර තමන් තැලසීමියා වාහකයෙක් දැයි සොයාබැලීම සඳහා කෙරෙන රුධිර පරික්‍ෂාව ඉතා වැදගත් වන අතර මෙම පරීක්‍ෂණය දැනට රෝගය වැඩියෙන් ව්‍යප්තව තිබෙන කුරුණෑගල, බදුල්ල සහ අනුරාධපුර රෝහල්වලින් සිදුකර ගත හැකිය. ඒ සඳහා භාවිතා කරන යන්ත්‍ර සෞඛය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 100ක වියදමින් අදාල රෝහල්වෙත ලබාදී ඇත. රාගම ශික්‍ෂණ රෝහලේ ආරම්භයේ පටන්ම මෙම පරීක්‍ෂණ සිදු කෙරේ.

තැලසීමියා රෝග වාහකයෙක් දැයි දැනගැනීම පිණිස කෙරෙන රුධිර පරීක්‍ෂණය සෑම තරුණ තරුණියක්ම විවාහයට පෙර සිදු කරගත යුතවේ. එම පරීක්‍ෂණයෙන් අනතුරුව තැලසීමියා වාහක හා නොවන සෑම දෙනාටම කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. ඒ අනුව තැලසීමියා වාහකයෙක් නම් රෝස (රතු) පැහැති පත්‍රිකාවක් ලබා දෙන අතර එහි තමන් තැලසීමියා වාහකයෙකු සමග විවාහවීම අවදානම් සහගත බව සඳහන් කර තිබේ. තැලසීමියා වාහකයෙකු නොවන පුද්ගලයින්ට කොළ පැහැති කාඩ්පතක් නිකුත් කෙරෙන අතර, ඔහුට හෝ ඇයට විවාහය පිළිබඳ ගැටළුවක් නැති බව සඳහන් කර තිබේ. තැලසීමියා රෝගය සහිත දරුවන් ඉපදීම වළක්වාගත හැකි එකම ක්‍රමය මෙය බැවින් ඒ සඳහා ජනතාවගේ සහයෝගය අතිශයින්ම අවශ්‍යවේ.

ලෝකයේ සෑම වසරකම නව තැලසීමියා රෝගීන් 70,000ක් බිහිවේ. ඉන් බොහොමයක් තුන්වන ලෝකයේ රටවල්වලින් බිහි වෙයි. ශ්‍රී ලංකාවේ වසරකට තැලසීමියා රෝගී දරුවන් 80ක් පමණ උපත ලබන අතර දිවයින පුරා තැලසීමියා රෝගීන් 2000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති මෙම රෝගයට ප්‍රතිකාර ලබා දීමට රජයට අතිවිශාල මුදලක් වැයකිරීමට සිදු ව තිබේ. මේ සඳහා රජය වසරකට රුපියල් මිලියන 350කට වඩා මුදලක් වැය කරයි. මෙම රෝගියෙකු  සඳහා රුධිර පාරවිලයන කටයුතු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 04ක් පමණ වැය කිරීමට සිදුවන බවත් එය රෝගී පවුලකට විශාල ආර්ථික බලපෑමකි.

මේ වන විට තැලසීමියා මධ්‍යස්ථාන කුරුණෑගල, බදුල්ල, අනුරාධපුරය හා රාගම යන ස්ථානවල පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකින් ම රෝගීන් වාර්තා වන අතර උතුරු මැද, වයඹ, ඌව හා මධ්‍යම පළාත්වල තැලසීමියා රෝගීන් බහුල වශයෙන් වාර්තා වේ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips