හැදින්වීම

රෝග ලක්ෂණ
මෙහි වර්ග 3ක් දැකිය හැක.
- ව්‍යායාම සමග ඇතිවන සුද මතු වීම.
- ළමා කාළයේදී ඇති වන සුද මතු වීම.
- තුවාල හා වෙනත් කරුණු හේතු කොට ඇති වන සුද මතු වීම.
මෙයින් වඩාත්ම බහුලව පවතින්නේ වයස සමග ඇති වන සුද මතු වීමය.
මෙයට හේතු වන්නේ,
- UV කිරණ වලට නිරාවරණය වීම.
- ඇසෙහි කරන ලද ශල්‍ය කර්ම
- පාලනය නොකළ දියවැඩියාව
- දීර්ඝ කාලීන ඖෂධ (උදා: Steroid, Immunosuppression)
- දුම්පානය
- මධ්‍යසාර භාවිතය
- අධි රුධිර පීඩනය
- රීයට් ශරීර ගතවීම
- පෝෂණ ඌණතා
ඇසේ කාචය තුළ පාරදෘෂ්‍යතාවය ක්‍රමිකව නැතිවී යාම නිසා ඇසේ පෙනීම නැතිවී යයි. පාරදෘෂ්‍යතාවය නැතිවීමට සාධක රාශියක් විවිධ ආකාරයෙන් බලපායි.
රෝග ලක්ෂණ, සංකූලතා, ප්‍රතිකාර, රෝගය වළක්වා ගැනීම.
රෝග ලක්ෂණ, සංකූලතා, ප්‍රතිකාර, රෝගය වළක්වා ගැනීම.
රෝග ලක්ෂණ
සුද මතුවීම සෙමින් උග්‍රවන අතර වේදනා රහිතය. මේ අතර ඇතිවන සමහර රෝග ලක්ෂණ නම්,
- බොදවී ගිය රූප පෙනීම.
- ආලෝකයට දක්වන අති සංවේදිතාවය
- රාත්‍රියේදී පෙනුම දුර්වල වීම.
- වර්ණ පෙනීම අඩු වීම.
- ඇස පහසුවෙන් විඩාපත් වීම.
- කියවීමට අන් අයට වඩා දීප්තිමත් ආලෝකයක් අවශ්‍ය වීම.
- ඇස් පියගැසීම වැඩි වීම.
- නිතර ඇස් කණ්නාඩි කාච මාරු කිරීමට සිදු වීම.
ඇසේ සම්පූර්ණ කාචයට පාරදෘෂ්‍යතාවය නැති වී ගිය පසු ඇසේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වී යයි.
ප්‍රතිකාර
රෝග නිර්ණය කිරීමේ පරීක්ෂණ
- දෘෂ්ඨි තීව්‍රතාව පරීක්ෂා කිරීම - “Svelen” ඇස් පරීක්ෂණ සටහනක් භාවිතා කරමින්.
- වර්තනය පරීක්ෂාව - ඇස් කන්ණාඩිවල ප්‍රබලතාව පරීක්ෂා කිරීම.
- අක්ෂි පරීක්ෂණය මගින් පරීක්ෂාව - ඇසේ කාචයට ඉදිරියෙන් ඇති ඇසේ කොටස් පරීක්ෂාව.
- කණිනිකාව විස්තාරණය - ඖෂධ බිංදු මගින් කණිනිකාව විස්තාරණය කර ඉන්පසු ඇසේ දෘෂ්ඨිවිතානය පරීක්ෂා කිරීම.
- Tonometry පරීක්ෂාව මගින් අක්ෂි පීඩනය මැනීම.

රෝගයට කරන ප්‍රතිකාර ක්‍රම
සුද මතුවීමේ මුල් අවස්ථාවේදී ඇස් කන්ණාඩි භාවිතය මගින් රෝග ලක්ෂණ අවම කර ගත හැක. එහෙත් එම උපක්‍රමය අසාර්ථක වූ විට - සුව වීම සදහා අනිවාර්‍යයෙන්ම ශල්‍යකර්මයක් මගින් ඇසේ ඇති කාචය ඉවත් කර අලුත් කෘත්‍රිම කාචයක් ඇතුළත් කළ යුතුය.
ශල්‍යකර්ම වර්ග මොනවාද?
- phacoemulsification - වඩාත් බහුලව භාවිතා කෙරේ. විනාඩි කිහිපයක් ශල්‍යකර්මය කෙරේ. ඉතා කුඩා කැපුමක් යොදයි.
- කලාතුරකින් කෙරෙන ශල්‍යකර්ම වර්ග - Extra ස intracapsular සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය.

- ඇසට සිදුවන තුවාල අවම කර ගැනීම,
- අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඇති නම් හොදින් පාලනය කර තැබීම.
- සමබල ආහාර වේලක් ගැනීම.
- තද හිරු එළියට ඇස් නිරාවරණය නොකිරීම.
- දුම්පානය, මධ්‍යසාර භාවිතා නොකිරීම.
- ඊයම් සංයෝගවලට ඇස් නිරාවරණය වීම වැළැක්වීම.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment