ජංගම ගණිකා සේවයේ නිරතවීම නිසා තවත් ටෙලි නාට්‍ය නිළියක් ඊයේ(9) දහවල් අතුරුගිරියේදී පොලිසියට කොටු වුණා.කිඳුරංගනා ටෙලි නාට්‍යයේ වෛද්‍යවරියකගේ චරිතයත් ගැහැණු ළමයි ටෙලිනාට්‍යයේ පාසල් සිසුවියකගේ චරිතයත් සිහින කුමාරි ටෙලි නාට්‍යයේ යෙහෙළියකගේ චරිතයත් රගපෑ බව කියන ඇයගේ නම නයනා ධනංජනී පෙරේරා බව පොලිසිය වාර්තා කරනවා.
නුගේගොඩ කොට්ඨාස හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා වෙත ලැබුණ ඔත්තුවක් මත උපාය දුතයෙකු යෙදවීමෙන් ඇයට ජංගම දුරකථනයෙන් කතා කර රු. 5000/- ක මුදලකට ගණිකා වෘත්තියේ යෙදීමට එකගතාවය ලබාගෙන ඇති අතර ඇය එකී පුද්ගලයාට අතුරුගිරිය ප්‍රදේශයට එන්නට යයි දන්වා ඇත.
ඒ අනුව එහි ගිය පුද්ගලයාව ඇය අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක නවාතැනක් සඳහා කැඳවාගෙන ගොස් ඇත.මේ ඔස්සේ ලූහුබැඳි පොලිස් කණ්ඩායමක් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.තවමත් 20 හැවිරිදි වියේ පසුවන මෙම ටෙලි නාට්‍ය නිළිය කාලයක පටන් මෙම වෘත්තිය සිදු කර තිබෙන බවත් ඇය මෝස්තර නිරූපිකාවක ලෙස පෙනී සිටිමින් හා ටෙලි නාට්‍ය වල රගපාන අතරතුර ඇති කරගන්නා සම්බන්ධතා ඔස්සේ ගැණුම් කරුවන් කැඳවාගන්නා බවත් හෙළි කර තිබෙනවා.
පුවත්පත්වල පිට කවරවල පෙනී සිටද ඇත.ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment