
පොලිසිය පැවසුවේ පහරදීමක් මත රෝහල්ගත කර ඇතැයි පවසන ඔහුකොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය.
කොටහේන ප්‍රදේශයේ දී ඔහු සහ තවත් පුද්ගලයෙක් අතර ඇති වු ගැටුමකින් පසුව දෙදෙනාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
තමාට පහරදුන් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් ඔහු ගස මතට නැග විරෝධතාවයේ නිරත වූ බව පොලිසිය සදහන් කළේය.
ජාතික රෝහල් පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදි වාට්ටුවෙන් පිටව ගොස් ගස මතට නැග ඇති බවය.
මේ වනවිට අදාළ පුද්ගලයා විරෝධතාව අතහැර ඇති බව පොලිසිය සදහන් කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment