අසූචි කේක්‌ කර ජනතාවට කැවීම

http://www.deborahkingcenter.com/cancer-cells.jpgආසනික්‌ ශරීරගත වීම පිළිබඳව මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කරන ලදී. විෂවේදය පිළිබඳව මෙරට සිටින ඉහළ ම තලයේ ප්‍රාමාණිකයකු ලෙස හඳුන්වා පළ කර තිබූ එම ප්‍රවෘත්තිය සාමාන්‍ය පුද්ගලයන් පවා විමතියට පත් කරවනසුලු ය. 
අංක එකේ පිළිකාකාරකයක්‌ වන ආසනික්‌ ශරීරගත වීම නිසා මිනිස්‌ සිරුරට සිදු කරන හානි පිළිබඳව චීනය, බංග්ලාදේශය,  ආදි රටවල සිදු කරන ලද පරීක්‌ෂණ විශාල සංඛ්‍යාවක්‌ ඇත.  විවිධ රටවල පිළිගත් විද්‍යා සඟරාවල පරීක්‌ෂණ පත්‍රිකා විශාල ගණනක්‌ මගින් පෙන්වා දී ඇත. මෙවැනි කරුණු පිළිබඳව මෙරට සිටින ඉහළ ම තලයේ ප්‍රාමාණිකයකු ලෙස හුවා දක්‌වා ඇති පුද්ගලයකු නො දැන සිටීම අතිශයින් පුදුමසහගත ය. බොහෝ දුරට විශ්වාස කළ හැක්‌කේ ස්‌වකීය පෞද්ගලික අභිමතාර්ථ තකා කරුණු නො දන්නවා සේ හඟවනු විය හැකි බවයි.

එසේ ම මෙරට කෘෂිරසායනික භාවිතය හා විවිධ රසායන ද්‍රව්‍ය අතර සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණවල සත්‍ය තොරතුරු ගැන ඒ මහතා වැනි අයකු නො දැන සිටිනවා යෑයි කීම එයටත් වඩා විස්‌මය දනවනසුලු ය.

මෙරට සාමාජයීය ප්‍රශ්න ගැන අවදියෙන් සිටින ජනතාව මෙහි දී විමසිලිමත් වී ඇත්තේ සමාජය පිළිගත් විද්‍යාඥයකු මෙරට ජනතාව අද මුහුණ පා ඇති බරපතළ ම සෞඛ්‍ය ගැටලුවක මූලාරම්භයට කෙළින් ම බලපා ඇති සාධකයක්‌ පිළිබඳව කර ඇති ප්‍රකාශය මෙරට ජනතාව ගේ ආකල්ප, සෞඛ්‍යය, ආර්ථිකය සහ ජාතියක අනාගතයට බලපාන ආකාරයට සමාජගත වීම පිළිබඳව ය. ඒ අද එය ජාතියේ ඉරණම කෙරෙහි බලපා ඇති නිසා ය.

නව පර්යේෂණ පත්‍රිකා විමර්ශනයට ලක්‌ කරමින් ඒවා ජනතාව ගේ සුබසිද්ධිය තකා භාවිත කිරීම විද්‍යාඥයන් ගෙන් ඉටුවිය යුතු සමාජ සත්කාරයයි.
සැබෑ විද්‍යාඥයන් ගේ යුතුකම හා වගකීම වන්නේ විෂ ශරීරගත වීම සුළු, මඳ, වැඩි හෝ කෙටිකාලීන, දිගුකාලීන ආදී වශයෙන් එසේ නැත හොත් තම මතය මෙය ය යනාදී වශයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යෑවීමට කටයුතු කිරීම නො ව, නිවැරැදි පර්යේෂණ මගින් සත්‍ය තොරතුරු අනාවරණය කරගනිමින් පාලකයක්‌ සහ මහජනතාව නිසි මඟට යොමු කිරීම බව අවධාරණයෙන් සඳහන් කළ යුතු ය.

අවසාන වශයෙන් කිව යුත්තේ තම අභිමතාර්ථය වෙනුවෙන් අසූචි, කේක්‌ ලෙස ප්‍රකාශ කිරීමෙන් නො නැවතී එය මහජනතාව ඉදිරියේ අනුභව කිරීමෙන් ඒ බව ඔප්පු කිරීමට උත්සාහ කිරීමට සමානව මෙරට විද්‍යාඥයන් ලෙස පෙනී සිටින පිරිසක්‌ විසින් ගෙන යන ලද ක්‍රියා කලාපය නැවත වරක්‌ කරළියට පැමිණ ඇති බව ය. මෙරටට සත්‍ය වශයෙන් ම ආදරය කරන ජනතාව වෙනුවෙන් අකැමැත්තෙන් වුව ද මේ සටහන තැබීමට සිදු වූ බව සඳහන් කරමි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips