ඩෙංගුවලට එරෙහි නඩුවලින් කෝටි තුනහමාරට වැඩි දඩ මුදලක්

http://images03.olx.com.pk/ui/9/51/92/1288978722_135334992_2-Dengu-Virus-Solution-For-Mosquitoes-Khatmal-Deemak-Cockroaches-etc-Karachi-1288978722.jpg ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේසංගමය පවසයි.මේ වසරේ ගත වූ මුල් මාස 8 තුළ සිදු කළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව පැවරූ නඩු වලට අදාළව මෙම මුදල අය කර ගෙන ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.පවරන ලද නඩු 12, 347 න් මෙම දඩ මුදල් අයකරගෙන ඇති බවත්ල පුද්ගලික නිවාස හිමියන්ට වැඩි නඩු ප්‍රමාණයක් පවරා ඇති බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.ඒ අතර රාජ්‍ය ආයතන රැසකට ද නඩු පවරා ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් ඩිපෝ මේ අතර පෙරමුණේ පසුවන බවත්ල ඊට අමතරව රාජ්‍ය බැංකු හා රෝහල් ද වන බව ඔහු කියා සිටියේය.මේ දිනවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින නිසා ඩෙංගු රෝග පැතිරයාමේ අවදානමක් පවතින බවත්ල ‍එමනිසා මෙම නීතිමය තත්ත්වය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips