Showing posts with label මැලේරියා එන්නතක් සාර්ථක ප්‍රතිඵල පෙන්වයි. Show all posts
Showing posts with label මැලේරියා එන්නතක් සාර්ථක ප්‍රතිඵල පෙන්වයි. Show all posts
http://blog.foreignpolicy.com/files/images/081208_malaria.jpgඅප්‍රිකානු කලාපයේ සායනික අධ්‍යනයකට යොමුකර තිබූ මැලේරියාවට එරෙහි එන්නත් සාර්ථක ප්‍රතිළුල පෙන්වා තිබේ.


පර්යේෂකයින් පවසන්නේ මේ එන්නත ලබාදුන් දරුවන් මැලේරියා රෝගයට ගොදුරුවීමේ සම්භාවිතාව අඩකින් පමණ අඩු වූ බවයි.

ආර්.ටී.එස්.එස්. නම් මේ එන්නත මැලේරියාව සඳහා ලොවපුරා අධ්‍යනය කෙරෙන ප්‍රධාන එන්නත් 2කි.

අප්‍රිකානු රටවල් 7කදී මාස 18දක්වා වයසේ පසුවන දරුවන් 15,000ක් යොදා ගනිමින් එය වසරක කාලයක් තිස්සේ සායනික අධ්‍යනයකට ලක්කර තිබේ.

අප්‍රිකානු, අමෙරිකානු සහ යුරෝපීය විද්‍යාඥයින් පිරිසක් මීට එක්ව සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නේ ලොව ප්‍රථම මැලේරියා එන්නත හඳුන්වාදීම සඳහා සිය අධ්‍යනය මඟපාදනු ඇති බවයි.

එහෙත් මේ ප්‍රතිඵල පෝලියෝ සහ සරම්ප එන්නත් හා සැසඳීමේදි කිසිසේත් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව ගෝලීය සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් පවසයි.
විශේෂයෙන් අප්‍රිකානු කලාපය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂික පුද්ගලයින් මිලියන 225ක් පමණ මැලේරියාවේ රෝගයට ගොදුරුවන අතර එයින් මියයන සංඛ්‍යාව ලක්ෂ 8කට අධිකය.
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips