වෙඩි වැදීමකින් තුවාල ලබා සිටින මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ආධාරකරුවන් විසින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ‍්‍රය රැකවල් ලා ඇති බව දැනගන්නට ලැබේ. ඔවුන් විසින් රෝහල් ආරක්‍ෂක අංශ නොතකා හරිමින් සියළු පුද්ගලයන්ගේ ශරීර පරීක්‍ෂා කටයුතු සිදු කරමින් සිටී.
වෙඩි වැදීමෙන් මිය ගිය භාරත ලක්‍ෂමන්ගේ ආ ධාරකරුවන් ජ’පුර රෝහල වෙත ඇතුළු වී යම් සිද්ධියක් ඇති කල හැකි බැවින් ඔවුන් විසින් මේ ආකාරයට කටුයතු කරමින් සිටින බව පැවසේ.
පොලීසිය මේ නීත්‍යානුකුල නොවන සෝදිසි කිරීම් වලට එරෙහි කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
















