
ඒ වගේම රටඉඳි ඉතා ගුණ පලතුරක් හැටියටත් ඖෂධයක් හැටියටත් හැඳින්වීමට පූළුවන්.අප ආහාරයට ගන්නා මෙම පලතුර වර්ග දෙකකින් සමන්විත වෙයි. එය චර්පූර් හා ක්ෂූද්‍ර ෂූර් ලෙසයි. මෙහි නිජබිම අරාබිය වූවත් ඉන්දියාව, ලංකාව, උතුරු අප්‍රිකාව, ඊජිප්තුව, වැනි රටවල ද වැවෙන පලතුරකි.

ඔබ රටඉඳි හඳුන්වන්නේ ස්වභාවික පලතුරක් හැටියටනේ. නමූත් එහි වැඩිපූර අන්තර්ගත වන්නේ සීනිය. මේ නිසා කුඩා දරුවන්ට වැඩිපූර ආහාරයට ගැනීමෙන් පණූ රෝග ඇතිවන අතර දියවැඩියා රෝගීන්ට එතරම් සූදුසූ වන්නේ නැති බව මතක තබා ගන්න.
ඔබ මෙම පලතුරු නිකම්ම ආහාරයට ගන්නවා මිස මෙහි වටිනා ගුණය පිළිබඳව නොදන්නවා විය හැකියි. ඔබ දන්නවාද රටඉඳි මූත්‍රාගල් සඳහා ගුණ වන අතර මූත්‍ර දාහය ශරීරයේ දෑවිල්ල, අර්ශස් රෝගවලට ගුණදායක බව
විශේෂයෙන් පූර්ෂ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව රටඉඳිවල අඩංගු වේ. එමෙන්ම ලිංග ආශ්‍රිත රෝගවලට මෙන්ම කාන්තාවන්ට වැළඳී තිබෙන ඇඟ උණූකරවා යෑම රෝගයට හා ආර්තවහරණයේ දෝෂවලටද ගුණ වේ.
තවද කෝලිකුටිටූ කෙසෙල් සමඟ රටඉඳි ආහාරයට ගැනීමෙන් සිරුර පෘෂ්ටිමත් කිරීම හා ශක්තිමත් කරයි. එයින් ඔබගේ රුව ලස්සන කරගැනීමටද උපකාරීවනවා.
කෝපි කෝප්පයක් පානය කිරීමේදී සීනි වෙනූවට රටඉඳි ගෙඩියක් එක්ක කෝපි ටිකක් බොන්නට තිබෙනවා නම් කොතරම් අගේද?
මෙය ඖෂධීය ගුණයෙන් සපිරුණූ පලතුරක් හැටියට සැලකීමට හැක.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment