
ALRITA PHARNA INDIA නම් ඉන්දීය සමාගමක් විසින් නිපදවන සයික්ලොස්නෝරීන් නැමැති ඖෂධය රසායනාගාර පරීක්‍ෂණවලට අනුව තත්ත්වයෙන් බාල ඒවා බව හෙලිවීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
මෙම ඖෂධය, වකුගඩු බද්ධකල රෝගීන්ගේ රුධිරයේ අන්තර්ගත ඖෂධ මට්ටම සමඟ පරික්‍ෂා කර ඇති අතර ඔවුනගේ රුධිරයේ ප්‍රමාණවත් ඖෂධ සාන්ද්‍රණයන් නොතිබුණු බව හෙළිව ඇත.
ඒ සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, ඖෂධ ව්‍යවස්ථාපිත අධිකාරිය වෙත නියෝග කර තිබේ. ඒ අනුව වහාම තාක්‍ෂණ උපදේශක කමිටුව මගින් අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත් කාලයක් පුරා ගුණාත්මක ඖෂධ සැපයූ සමාගමක් විසින් නිපදවන සයික්ලොස්නෝරීන් ඖෂධ තොගයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව පවතින බැවින් ගැටළුවකින් තොරව රෝගීන්ට එම ඖෂධ ලබාදීමට හැකියව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment