
ඔබ මවක වශයෙන් ඔබේ දරුවන්ට විශේෂයෙන් තරුණ ගැහැනූ දරුවන්ට ඇඳුම් අන්ඳවන්නේ ඇයි?
ප්‍රධාන වශයෙන් ඇඳුම් අඳින්නේ අපේ විලි වසා ගන්නයි. විලි වසා ගැනීම ප්‍රමූඛතාවයේ තබාගෙන ඒ ඔස්සේ නොයෙක් නොයෙක් ගැළපෙන විලාසිතාවන් සඳහා යොමූවීම අවශ්‍ය දෙයක්. නමූත් විලි වසා ගැනීමේ මූලික පරමාර්ථයෙනූත් ඉවත් වී හූදෙක් ඔබේ තරුණ දියණීයගේ ශරීරය සමාජයේ කතාබහට සමච්චලයට ඊටත් වඩා දරුණූ සිතුම් පැතුම් සඳහා ලක්වීමට ඉඩහැරීම නම් කෙසේවත් අනූමත කළ නොහැකියි.
දරුවෙකුගේ තරුණ දිවිය කියන්නේ ජීවිතයේ යළි කවදාවත් විඳින්නට නෙලබෙන බොහෝම චමත්කාර ජනක වටිනා කාල පරිච්ඡේදයක්. මේ තරුණ වයසේදී කළ හැකි සියලු දේ කළ යූතුයි. විඳින්නට පූළුවන් හැම දෙයක්ම විඳින්නට ඕනේ. මේ සියල්ලට දෙමාපියන් විශේෂයෙන් මව වන ඔබ ඉඩ දිය යූතුයි. එහෙත් යම්කිසි සීමාවක් තුළ පමණයි. ලිහා ඇරපූ හරකෙකු සේ ඔබේ තරුණ දියණියව ඔබ සමාජයට යවා ඇත්නම්, අද ඒ ගැන සිතන්න? එසේ වූවහොත් ඔබට ගෙට ගන්නට සිදුවන්නේ සියලු දෙයින් කාලකණ්නි වූ දියණියක් පමණයි. පූර්ව නිදහස දී ඔබේ වගකීම හොඳින් සිතේ තබාගෙන කටයූතු කරන තරුණ දූ පූතුන් ඕනෑතරම් අද සමාජයේ සිටිනවා. එවන් දරුවෝ ඇත්තෙන්ම මවට පියාට හැබෑම සම්පතක්. නමූත් අපට ඇසෙන දකින ආකාරයට අද බහූතර තරුණ දූ පූතුන් වේග රිද්ම රැල්ලට ගොදුරු වෙච්ච, ආනයනය කරන ඇතැම් විකෘති බඩූ භාණ්ඩවලට ඇබ්බැහි වෙච්ච, තමන්ගේ තාරුණ්‍ය අනූකරණවලට ගළපා ගන්න උත්සාහ කරන පිරිසක් බවට පෙනී යනවා

පෙකණීය පෙනේනනට අඳින කලිසම සහ කෙටි ටී ෂර්ටි එක ලස්සනද? අපේ සංස්කෘතිය සමග ගත් කළ එය අපේ රටෙි යෞවනියට තරුණ දියණියට ගැලපේද?
ඒ වගේම මහත පටියක් දාන ඒ කලිසමේ ඉණ තියෙන්නේ ශරීරයේ ඉණ තියෙන තැන නෙවෙයි. සැබෑ ඉණෙන් කාලක් භාගයක් විතර පහළ තුනටියේ තමයි ඉණ තියෙන්නේ. සපත්තු ලේස් පටි දෙකකින් එල්ලා ගත්තු පොඩි කෙටි ටී ෂර්ටි නැතිනම් හැටිට කැබැල්ලකින් තමයි පපූ ප්‍රදේශය වසාගෙන ඉන්නේ. ඒ ඇඳුම් ඇගේ දාගත්තට පස්සේ හැදියාවක්, සංවරකමක් තියෙන කෙනෙකුට නම් අතක් පයක් උස්සන්න බැහැ. නමූත් මේ තරුණ දියණියෝ එහෙම කරනවා. මොකද ඒ අයගේ පරමාර්ථය ශරීරය නිරාවරණය නිසා

ඇතැම් තරුණ දූ පූතුන්ගේ සිත්වල පැළපදියම් වෙලා තියෙන එකම ආකල්පය තමයි දැන් පවතින රැල්ලට ගැළපෙන්න අපිත් මේ විලාසිතා කරන්නම ඕනේ නැත්නම් වස නෝණ්ඩිය වෙන්නේ අපිට සමාජයේ තැනක් නැහැ" කියන පූස් සිතුවිල්ල. ඉතිං අම්මට පූළුවන් නම් මෙවැනි සිතුවිලිවලින් අන්ධ වෙලා ඉන්න තමන්තේ තරුණ දියණියගේ බූද්ධිය හොඳින් සෝදා පවිත්‍රකර පැහැදිලි කර දෙන්නට කොහෙන්වත් ගලාගෙන එන විගඩං විලාසිතාවලට වහවැටෙන්නේ නැතිව, අනූකරණය නමැති විෂබීජයට නොරැවටී, ජීවිතය නිදහස්ව සැහැල්ලුවෙන් ජීවත් කරවන්න කියා. එවිට දියණියට වැටහේවි ඒ නවීන විලාසිතාව පසූ පස ඇය හඹා යනවාද නැද්ද කියන එක.
මව පියා එකතු වී දරුවෝ බිහි කළාට විතරක් මදි. ඔවූන්ගේ සම්පූර්ණ හැදියාව ගැනත් හොඳින් සොයා බැලිය යූතුයි. මේ වගකීම මවගේ පමණක් නොවෙයි. එකසමානව පියාගෙත් වගකීම වෙනවා. හැම වෙලාවකම දරුවන්ව හොඳ දේ තුළ නිවැරදි දේ තුළ යහපත් දේ තුළ පෙළ ගස්සවන්න උත්සාහ කරන්න. එවිට සමාජයේ අසන අපවාද වලින් ඔබ යූවල නිදොස් වනූ ඇති. එවන් තැනකට දරුවෝ ද නොවැටෙනූ ඇති.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment