දියවැඩියාව සහ ගැබ්ගැනීම

http://cdn.24.com/files/Cms/General/d/571/368ae68a68164ae1850cf2276ebf30f3.jpgසැබැවින්ම දියවැඩියාව නොමැති කාන්තාවකට මෙන්ම දියවැඩියාව ඇති කාන්තාවකටද ගැබ් ගැනීමට හැකිය. නමූත් මෙවැනි රෝගී තත්ත්වයකින් පසූවන කාන්තාවක් ගැබ් ගැනීමකට යාමට දැනගත යූතු කරුණූ රාශියක් ඇත. කෙටියෙන් කියතොත් ඔබේ දරුවාත්, ඔබත් ආරක්ෂාව සඳහා සෑම ගැබ් ගැනීමක්ම සූපරීක්ෂාකාරීව සැළසූම් කළ යූතුය. ඔබගේ දියවැඩියාව නිසි පරිදි පාලනය කර නොමැති අවස්ථාවකදී ඔබ ගැබ් ගතහොත් බිළිඳාගේ නියමිත වර්ධනයට අනතුරු සිදුවිය හැකිය.
 
සෑම ගැබ් ගැනීමකම එක්තරා ප්‍රමාණයක අවදානමක් තිබිය හැකිය.දියවැඩියාවෙන් පෙළෙන්නාවූ කාන්තාවගේ රුධිරගත සීනි ඉතා ක්‍රමවත් ලෙස ගැබ් ගැනීමේ සිටම පාලනය කර ඇත්නම් එම ගැබ් දැරීම සාර්ථකය.


සාමාන්‍යයෙන් කාන්තාවක් තමන් ගැබ්ගෙන ඇති බව දැනගන්නට සති හයක හෝ හතක කාලයක් ගැබිණිව සිටින්නට ඇත. මේ අවස්ථාවන වනවිටත්, බිළිඳා දිගින් අඟල් කාලක් පමණද, ප්‍රමාණයෙන් මෝරපූ (සංසේචිත) බීජයට වඩා 10,000 වාරයක් විශාලවද වැඩී ඇත. මොළය, කේන්ද්‍රීය ස්නායූ පද්ධතිය, කොඳු ඇට පේළිය සහ බඩවැල ආදිය දැනටමත් සෑදී ඇත. හෘදය ද මේ වනවිටත් ස්පන්දනය වෙමින් පවතී. එසේම වැඩෙමින් ඇති අතපය සහ මූල් අවස්ථාවේ ඇති ඇස් සහ කන් ආදිය ද වර්ධනය වෙමින් ඇත. ගැබ් ගැනීමට පෙර, ක්‍රමවත් රුධිරගත සීනි පාලනයක් වැදගත් වන්නේ මන්දැයි ඔබට දැන් පහසූවෙන් වැටහෙනූ ඇත.


බිළිඳා කෙරෙහි දියවැඩියාවෙන් ඇතිවන ප්‍රතිඵලත් ඔබ යම් ප්‍රමාණයකට දැනගෙන සිටීම වැදගත්වේ.


මනා පාලනයකින් යූතු දියවැඩියාවෙන් බිළිඳාට සිදුවන හානිය ඉතා සූළුය. ආපදාවක් ඇති බව පෙනී යන්නේ නැවත නැවතත් ඇතිවන අධිරුධිර ගත සීනි මටිටම සහ අක්‍රමවත් දියවැඩියාව පාලනය ආශ්‍රිතව නොනැවතී පවතින "කිටෝන්" හේතුකොටගෙනය. මෙම ගැටලු දෙකෙන් ම ළදරුවාගේ සෞඛ්‍යයට, වැඩීමට සහ ජීවිතයට පවා හානිකර විය හැකිය. ඔබගේ ගර්භණීභාවය සැළසූම් කිරීම ආරම්භ කළ අවස්ථාවේ සිටම, ඔබගේ දියවැඩියාව තේරුම්ගෙන මනා ලෙස පාලනය කරගත යූත්තේ ඒ නිසාමය.


ගර්භණීභාවය සඳහා සූදානම්වීමේදී ඔබ මේ සඳහා ඔබේ සෞඛ්‍යය සූරැකීමේ කණ්ඩායමක් සපයා ගැනීම කළ යූතුම දෙයකි. ඔබට දැනටමත් එවැනි කණ්ඩායමක් සිටීමට පූළුවන. මෙම කණ්ඩායම ඔබ සහ ඔබේ සහකරු, දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හෙදි ශිෂ්‍යයකු සහ ආහාර විශේෂඥයෙකු ආදීන්ගෙන් සමන්විත වීම උචිතය. බොහෝ කාන්තාවන් ගැබ් ගැනීමට පළමූව කණ්ඩායම් සාමාජිකයන් මූණගැසී සබඳකම් පැවැත්වීම අත්‍යවශ්‍යය. එවිට ඔබට දියවැඩියාව පාලනය කර ගනිමින් නිරෝගී දරුවෙකු මෙලොවට බිහි කරන්න වාසනාව උදාවේ.

සැමදා ගොනාට අදිනා අපේ හෙද(ගොන්) කම!

අලුතින් හෙද පත්වීම 2500 ලබාදුන් බව අද දවසේ ප්‍රධාන පුවතක් වී අවසන්ය.නමුත් එහි පි‍ටුපස ඇත්තේ තවත් වරක් හෙද හෙදියන් ගොනාට ඇන්ද වීමකි.මෙම ගොනාට  ඇන්දවීම කරනුයේ සුපුරුදු ලෙසම  එයටම ප්‍රසිද්ධ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හැර වෙන කවුරුන්ද.හෙද හෙදියන්ගේ ඉල්ලීම් පසක ලා පාලන තන්ත්‍රයේ ඕනෑ එපාකම් වලට  හෙද හෙදියන් වල පල්ලට ඇද දමමින් මෙවරද ඔවුන් හෙදියන් ඉතිහාසයේ මෙන්ම මහා පවාදීමක් සිදුකර හමාරය.

මෙසේ හෙදියන් බදවා ගැනීමේ ක්‍රම වේදය පහත් කරමින් (කලා අංශයෙන් හෙදියන් බදවා ගැනීම සිදු කර හමාරය) හෙදියන්ගේ අභිමානය ගෞරවය පහත් කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කෙලින්ම සම්බන්දවී ඇත.

එමෙන්ම පාලන තන්ත්‍රය ප්‍රකාශකර ඇතේ හෙද සේවාව ‍රැකියාවකට වඩා අසරණයින්ට පිහිට වන උතුම් සත්කාරක සේවාවක් බවය.එය අපද පිලිගනිමු.එසේ උතුම් ‍රැකියාවක නියත වන්නන්ට ජීවත් වීමටවත් ප්‍රමාණවත් වැ‍ටුපක්ද අවශ්‍යය බවද මතක් කර දීමට කැමැත්තෙමු. 

එමෙන්ම රටේ වැ‍ටුප් වැඩිකල අනිකුත් සේවාවල සේවකයන් මෙන් හෙද හෙදියන්ද  මේ රටේ ජීවත් වෙමින් රටේ පවතින මිල මුදල් වලින් ආහාර පාන ඇදුම් ආදී මුලික අවශ්‍යයතා සපුරා ගනිමින් මේ රටේ පවතින ආර්ථිකය හා ගැටෙනා තවත් එක් මිනිස් කොට්ටසයක් පමණි.එනිසා අනික් සේවකයන්ට පවතින අර්ථික ගැටලු හෙදියනටද බල පානු ඇත.

හෙදියන්ට මානසික අල්ලස් දෙමින් හෙද හෙදියන් ඉතිහාසය පුරාවටම ගොනාට ඇන්දවු වාර ගනන අනන්තය.වරක් අල්ලස් නොගන්නා එකම සේවාව ලෙසද,මෙවර තවත් ආකාරයටද......

නමුත් මෙසේ පැවසීමෙන් හෙදියන්ට ලැබෙන සෙතක් නොමැත. හෙදියගෙන් සියලු සාත්තු සප්පායම්,දිවා ‍රැ නිදි නොලබා ‍රැකගත් රෝගීන්, ටිකට් කපා ගෙදර යනවිට දොස්තරමහතා දෙවියාකොට ඔහුට වැද පුද පුජා පවත්වා යනවිට ,සැමදා හෙදියට ලැබෙනුයේ සුපුරුදු බැනුම් ඇසීම සහ ගැරහුම් පමණි.

ජීවිතය ගැට ගසා ගැනීමටවත්  ප්‍රමානවත් නොවන වැ‍ටුපක් ලබමින්   ආර්ථික පිඩනයෙන් මිරීකීසිටින හෙදියනට තවත් මානසික අල්ලසක් අවශ්‍යය නොවනු ඇත.

අනේ රට කරවන උත්තමයාණනි,අපට තවත් මානසික අල්ලස් අවශ්‍යය නොමැත.හෙද සේවාව ගැන හොදින් හදුනා ගෙන ඇති ඔබවත් අපට හෙද සේවාවේ ඇති පහත ගැටලු නිරාකරනය කර ගැනීම මැදිහත් වනු මැනවි.


1.    පැරණි ව්‍යවස්ථාවට අදාලව II-A  ශ්‍රේණියේ උසස් වීම් වසර 5 සම්පූර්ණ වු හෙද නිළධාරීන්හට ලබා නොදීම.

2.    ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම.

3.    අධිසේවක පදනම මත I ශ්‍රේණියේ උසස් වීම් පැරණි ව්‍යවස්ථාවට අනුව වැටුප් තලය රු.21640 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම.

4.    පරිපූරක සේවාවට නිකුත් කල අකාරයට හෙද සේවාවේ මාණ්ඩලික ශ්‍රේණි නිශ්චය කල චක‍්‍රලේඛය නිකුත් නොකිරීම.

5.    වසර 12 න් ලබාදුන් I ශ්‍රේණිය - 1988.01.01. දක්වා පෙරදාතම නොකිරීම හා හිග වැටුප් ලබා නොදීම.

6.    නිල ඇදුම් දීමනාව 2012 ට යථාවත් කර රු.15,000/- ලෙස ලබා දීමට අදාල ක‍්‍රියාමාර්ග නොගැනීම.

7.    හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බදවා නොගැනීම.

8.    වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම.

9.    උපයන විට අයකරන බදු වෛද්‍ය සේවාවෙන් අය නොකර හෙද නිළධාරීන්ගෙන් පමණක් අය කිරීම.

10.    දින 05 සතිය හෙද නිළධාරීන්හට ක‍්‍රියාත්මක නොකිරීම.

11.    හෙද සේවාවේ අතිකාල දීමනාව පැයට මාසික වැටුපෙන් 1/180 ලෙස ලබා නොදීම.

12.    හෙද ව්‍යවස්ථාවට අප සංගමය ඉදිරිපත් කල සංශෝධන ක‍්‍රියාත්මක නොකිරීම.

13.    මූලික වැටුප ඉක්මවා කරන අතිකාල හා වෙනත් සේවා දීමනා කප්පාදු කිරීම.

14.    අනතුරු දීමනාව, ශල්‍යාගාර දීමනාව හා භාණ්ඩ භාරකාරීත්ව දීමනා වර්තමාන මූල්‍ය තත්ත්වයන්ට යථාවත් නොකිරීම හා ගෙවන ඒකක සංශෝධනය නොකිරීම.

15.    නව පත්වීම්, හා උසස් වීම් කුසලතා පදනම මත ලබා දීමට ගෙන ඇති නිල ප‍්‍රතිපත්තිමය තීරණයට අදාලව චක‍්‍රලේඛයක් නිකුත් නොකිරීම.

16.    සෞඛ්‍ය ලේකම් 2012.01.02 දින නිකුත් කල චක‍්‍රලේඛ ලිපි අංක 02/19/2009(01) තාවකාලිකව අවලංගු කර 01(11/162008) ලිපිය නිකුත් කිරීමේ දී පොදුවේ ක‍්‍රියාකල යුතු තත්ත්වයන් උල්ලංඝණය කිරීම.

17.    පිරිමි හෙද නිළධාරීන්ගේ නිල ඇදුමට අදාලව නිකුත් කිරීමට එකග වු චක‍්‍රලේඛය නිකුත් නොකිරීම.

18.    1 පියවර ලෙස හෙද විදුහල්පතිවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද අධ්‍යක්ෂවරුන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා නොදීම

කුඩම්මාගේ සැලකිලි ලබන හෙද හෙදියනි එන්න පෙරට!

මෙතෙක් කලක් බලධාරීන් සමග සාකච්චා කලද හෙද හෙදියන්ගේ පහත සදහන් ඉල්ලීම් වලට කිසිදු ප්‍රතිචාරයක් තබා කිසිදු ගනන් ගැනීමටකවත්  පාත්ත්‍ර නොවූ හෙදියන් එන්න එන්නම ඉතාමත් පහත් තත්ත්වයට ඇද වැටෙයි.

 හෙද හෙදියන්ගේ ඉල්ලීම වෙනුවෙන් එසේ ප්‍රතිචාර දක්වද්දී වෙනත් රජයේ සේවකයින්ගේ වැ‍ටුප් සහ නොයකුත් ඉල්ලීම් ලබාදීමට  රජය කටයුතු කරද්දී හෙද හෙදියන්ට පමණක්  මෙසේ වනුයේ සෞඛ්‍යය බලධාරීන් හිතාමතා හෙද හෙදියන්ගේ ඉල්ලීම් මග හැරීමක් නොවෙහිද?
 

  05 සතිය ලබා ගැනීම

අහිමි වු වැ‍ටුප් තල දින ගැනීම

 පුහුණුව වසර 3 1/2 කර ගැනිම

  අනතුරු දීමනාව ලබා ගැනීම

දුරකතන දීමනාව ලබා ගැනීම

දීමන විෂමතා නිවරදි කර ගැනිම


 මේ සදහා බලධාරීන්ගේ ඇස් ඇරීමටත් සමස්ත හෙදියන්ගේ එකමතු බව පෙන්වමින් අයිතීන් දිනාගැනීමට විරෝධතා ව්‍යාපාරයක් ජනවාරි මස31 දින දහවල් 12 දිවයිනේ සැම රෝහලක් ඉදිරිපිට පැවැත් වීමට සැලසුම්කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

 මේ බව සියලුම සාමාජිකයින් දැනුවත් කරන ලෙසත්,අවශ්‍යය සංවිධාන කිරීමටත්, ඒ සදහා හෙද සේවාවට අදරය ඇති සියලුම හෙද හෙදියන් සක්‍රීයව දායක වන ලෙසටත්  සමස්ත හෙද හෙදියන්ගෙන් කාරුණිකව ආයාචනා කරයි.

සමන් රත්නප්‍රිය 
 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය


රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය අපවත් වෙයි

ජනවාරි මස 15 දින වැඩ වර්ජනයක් පවත්වන බවට උදම් හෙලූ රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය අද දින ජනවාරි මස 15 දින බවවත් මතක නැති වීම කණගා‍ටුවට කරුණකි.අඩුම තරමේ ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කිරීමට තරම්වත් එම සංගමය මානුශිකවී නොමැතිවී ඇති හෙයින් ඔවුන්ගේ සාමාජිකයින් මංමුලාවී ඇත.

මෙම බංකොලොත් හෙද සංගමය දිගින් දිගටම බොරු බේගල් ඇද බාමින් සිය සාමජිකයි ‍රැවටීම  සුපුරුදු ක්‍රියාකලාපය මනාව මෙවරද පෙන්නුම් කරයි.හෙද සේවාවේ බරපතල ගැටලු ‍රැසක් ඇති මේ මොහොතේ ඒවාට පිලියම් හොයනවා වෙනුවට මේසේ සමස්ථ හෙදියන් රවටන විහිලුකාරයන් බවට  මෙම පත්වී හමාරය.

විහිලුකාරයන් බවට පමණක් ඔවුන් පත්වී ඇත්තේ ඔවුන්ගේ සාමාජිකයින්ද රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය ගැන විස්වාසයක් නොමැති නිසාවෙනි. රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමයට ගැතිකම් කරන සුලුපිරිසකගේ සුඛ විහරනය සදහා පමණක් මෙහෙයවන මේ සංගමය මේ වනවිට සාමාජිකයින් අල්පයක් ඇති අපවත්වූ සංගමයක් බවට පත්වී ඇත.

බොරු බේගල් ඇද බාමින් මිනිසුන් ‍රැවටීම පැවිද්දකුට නොව ගිහියකුටද උචිත නොවන බව සමස්ථයම දන්නා කාරණයකි.එමෙන්ම තමන්ට යමක් නොකල හැකිනම් කල හැකි පුද්ගලයකුට එය පවරා එම තනතුරෙන් ඉවත්වීම මහත්මා ගතිය වෙයි.එසේ නොකරමින් සමත්ථ හෙද පරපුර විනාශ කරමින් හෙදියන් රවටන විහිලුකාර රාජ්‍යය සේවා එක්සත් හෙද සංගමය මෙසේ කරනුයේ   එම සංගමය මෙහෙයවන්නන් මහත්මාවරුන් නොවන නිසාවෙන්ද?

අචාර්යවරුන්ගේ පව් සෝදා ගැනීමට කරන කළුතර හෙද විදුහලෙහි දානය

http://retroclipart.co/1024/royalty-free-vector-clip-art-of-a-black-and-white-retro-woman-holding-handfuls-of-cash-money-by-bestvector-1994.jpg
මේ දිනවල කළුතර හෙද විදුහලෙහි දානයක් දීමට යැයි පවසමින් සිසු හෙද හෙදියන්ගෙන් රු 750 බැගින් එකතු කිරීමටත් ,  800 දෙනා සදහා දානයක් දීමටත් හෙද විදුහල් පාලනාධිකාරිය සැල සුම්කරගෙන යයි.මෙහි පුදුම දනවන කරුනු කිහිපයක් එම සිසු හෙද හෙදියන් අප සමග පවසති.

උතුම් බුදු දහමට අනුව දානය යනු තමා කැමැත්තෙන් යමකුට පිරි නමන ඕනැම දෙයකි.කළුතර හෙදවිදුහලෙහි දානය තීරනය කරනුයේ එහි පාලනාධිකාරිය වීම විශේෂයකි.එහි දානය සදහා විශාල මුද්ලක් වැයවන බැවින් එය ඔවුනට දරාගැනීමට අපහසු බව පවසා සිසු හෙද හෙදියන් "පිරිතක්" කීමට යෝජනාකලද එය ප්‍රතික්ශේප කොට තම ඒකාධිකාරී බලය පතුරවමින් දානය සදහා අහිංසක සිසු හෙදියන්ගෙන් බලහත් කාරයෙන් මුදල් එකතු කිරීම නැවතත් හෙද විදුහල්තුල පවතින හිට්ලර් පාලනය පිලිබිඹු කරවන්නකි.

වැඩි දුරටත් ඔවුන් පවසන්නේ  තමන් මෙම උතු නයිටිංගේ හෙදකම ඉගැනීමට පැමිනියා විනා විශාලවශයෙන් මුදල් විනාශකරන මෙවන් දානමාන වලට සහභාගීවීමට නොපැමිනි බවත්ය. අහිංසක දෙමාපියන්ගේ මුදල් වැය කරමින් වසර ගනනාවක් අධ්‍යාපනය ලබා ඔවුනට හරියාකාරව යුතුකම් ඉ‍ටුකිරීමටවත් ලැබෙන මුදල ප්‍රමානවත් නොවන මොහොතක අචාර්යවරුන්ගේ පව් සෝදා ගැනීමට කරන මෙම ක්‍රියාව මුදල් වංචාවක් බවයි.

පංසලකට,අහිංසක දුගියකුට තම මුදලින් දානයක් දීමට මැලිවන අචාර්යවරුන් මෙම දානය සදහා  විශාල කැපවීමෙන් ක්‍රියාකිරීමද කැපීපෙනෙන වෙනසකි.බලහත්කාරයෙන් පිං  ලබා ගැනීමට නොහැකි බවත්,බුදුදහම ගැනවත් හරියාකරව නොදන්නා පිරිසක් මෙවන් ක්‍රියාවන් කරනුයේ  හුදෙක් පිං පිනිස නොව තමනට කීයක්හරි උපයාගැනීමට බව සිසුන් චෝදනා කරති.

කළුතර හෙද විදුහල් ආචාර්යවරුනි ඔබගේ ඔය පහත් ක්‍රියාව නවතන තුරු"ඇත්ත පුවත්" ඔබ පසුපස හබා ඒම  නැවතිය නොහැක.

කුරු මිනිසුන්ගේ සැබෑව

http://www.scientificamerican.com/media/inline/no-tall-tale-height-matters_1.jpgමිටි බව එහෙම නැතිනම් කුරු බව  | Short stature  තත්ත්වය සමාජයේ ජීවත්වන, එම දේහ ලක්ෂණය තිබෙන බොහෝ දෙනෙකුට මානසික පීඩාවක් ගෙන දෙන තත්ත්වයක්. සම වයසේ තරුණ තරුණියන්ට සාපේකෂ ව තමන් උසින් අඩූ නම් ඒ ගැන බොහෝ දෙනෙකු ඉමහත් පසූතැවිල්ලට පත්වෙති. බොහෝ වෛද්‍ය ගැටලු තීර පරීකෂාවේ දී ද හෙළි වන්නේ උස වැඩි කර ගැනීමට බෙහෙත් පවතී ද යන්න විමසන පිරිස වැඩි බව ය. ඇතැම් විට සිය දිවි නසා ගැනීමට තරම් ඇතැම් පූද්ගලයෝ පෙළඹෙති.

මිටි බවට බලපාන හේතු රාශියක් පවතින අතර ළමා අවධියේ දී මේ තත්ත්වය හඳුනා ගැනීම දෙමාපියන්ට මෙන්ම ළමයාට ද වැදගත් වෙයි. දැනට භාවිත වන වර්ධක සටහන් ( Growth Chart ) වල ළමයා ගේ වයසට අනූව උස ලකුණූ කිරීම සිදුවන අතර, සාමාන්‍ය ළමයකු ගේ උසට සාපේකෂව එම වෙනස මේ අනූව පැහැදිළිව හඳුනාගත හැකි ය.

මූල් අවධියේ දී උසින් අඩූ බවක් පෙන්වන ළමයින් වැඩිවිය පැමිණීමේ දී තමන් ගේ පවූලට නියමිත උස ප්‍රමාණය අත්පත් කරගන්නා අවස්ථා ද පවතියි. පාසලේ දී, පෙර පාසලේ දී හෝ සම වයසේ මිතුරන් අතර කොන් වීම, ආරුඨ නම්වලට ලක්වීම. ආත්ම විශ්වාසය අඩූ වීම, ක්‍රීඩාවල දී විවිධ අපහසූතාවන්ට ලක්වීම, මීට අමතරව වයසින් මූහූකුරා ගිය ද උසින් අඩූ නිසා පොඩි දරුවකු මෙන් සැලකීම වැනි ගැටලු රැසක් මිටි බව සමඟ බැඳී ඇත. මේ නිසා මිටි බවට බලපාන හේතු සාධක මොනවා දෑයි පලමූව විමසා බලමූ.
1. පවූල් පසූබිම.
දෙමාපියන් හා ඥාතීන් උසින් අඩූ වන විට දරුවන්ට ද එය උරුම වෙයි.


2. මව් කුස තුළ දී වර්ධනය අඩාල වීමකට ලක්වීම හා නොමේරූ දරු උපතක් බිහි වීම

මව් කුස තුළ දී විවිධ හේතුන් මත වර්ධනය අඩාල වූ දරුවන් හා නියමිත දින සම්පූර්ණ වීමට ප්‍රථම උපන් නොමේරූ දරුවන් දිගට ම වර්ධනය අඩාල වීමක් පෙන්වති. උසින් අඩූ වෙති.
http://drcate.com/wp-content/uploads/2010/08/Average-Height.jpg
3. වර්ධනය සෙමින් සිදුවන දරුවන්


මෙවන් දරුවන් උස යාම, වැඩි විය පැමිණීම ආදිය ප්‍රමාද වී සිදු වෙයි. ආරම්භයේ දී වර්ධනය අඩූ බවක්, උසින් අඩූ බවක් පෙන්නූම් කළ ද කාලය ගතවීම සමඟ ක්‍රමයෙන් තමන් ගේ දෙමාපියන් ගෙන් උරුම වූ උස ප්‍රමාණයට ළඟා වෙති. මෙය පවූලේ සාමාජිකයන් අතරින් ද හමූවන අතර, පිරිමින් තුළ සූලබ ය. කෙසේ වූවත් මේ තත්ත්වය රෝගයක් නොවේ. ඇන්ඩ්‍රොජන් හෝ ඊස්ට්‍රජන් හෝර්මෝන මඟින් මොවූන් ගේ වැඩිවිය පැමිණීම ඉක්මන් කළ හැකි ය.


4. හෝර්මෝන අසංතුලිතතා නිසා වන මිටි බව


තයිරොයිඩ් හෝර්මෝනය, වර්ධක හෝර්මෝනය හා ස්ටෙරොයිඩ් හෝර්මෝන වර්ධනය කෙරෙහි බලපායි. මින් පළමූ හෝර්මෝන දෙවර්ගය අඩූ වූ විට වර්ධනය අඩාල වෙයි. ස්ටෙරොයිඩ අධික වීම ද වර්ධනය අඩාල කරයි.

උපතින් ම තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩාල වීම හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට එරෙහි ප්‍රතිදේහ නිපදවීම හෝර්මෝන නිෂ්පාදනය අඩාල කරයි. පිටියූටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩාල වීම, පිළිකා රෝගයකින් එය විනාශ විම, හයිපොතැලමස ප්‍රදේශයේ පිළිකාවක් හෝ විකිරණවලට ලක්වීම, ආදිය නිසා වර්ධක හෝර්මෝන නිපදවීම අඩාල වෙයි.

දිගු කලක් ස්ටෙරොයිඩ් (ප්‍රෙඩ්නිසිලෝන් වැනි) ඖෂධ භාවිත කරන විට වර්ධනය අඩාල වෙයි. දිගු කලක් ඇදුම රෝගයට ඉන්හේලර් පාවිච්චි කරන්නන් තුළ ද මෙය දෑකිය හැකි ය.


5. පෝෂණ ඌනතා සහ දිගු කලක් රෝගාබාධ වලින් පීඩා විඳීම


මෙය දියූණූ වෙමින් පවතින රටවල ළමයින් ගේ වර්ධනය අඩාල වීමට බලපාන ප්‍රධානතම හේතුවකි. ගුණාත්මකභාවයෙන් අඩූ ආහාර ගැනීම, ආහාර හිඟවීම, ආහාර අරුචිය, දිගු කලක් විවිධ රෝගවලට නිතර නිතර ලක්වීම මෙයට හේතු වෙයි.


ආහාර මාර්ග පද්ධතියේ ආහාර අවශෝෂණය අඩාල කරන සිලියැක්, ක්‍රෝන්ස් ( Crohn's ) වැනි රෝග, වකුගඩූ අක්‍රීයතාව ද මෙයට බලපායි.


6. වර්ණදේහ ගැටලු නිසා වන සහලකෂණවලට ගොදුරු වීම


ඩවූන්ස් සහ ලකෂණයේ දී ළමයින් ගේ උස යාම අඩූ වෙයි. ඩවූන්ස් සහ ලකෂණය උපත ලද අවස්ථාවේ දී ම හඳුනාගත්ත ද, ඇතැම් එවැනි වර්ණදේහ රෝග හඳුනා ගන්නේ ළමයාෙ ග් කුරු බවට හේතු සොයාගෙන යාමේ දී ය.


ටර්නර්ස්, නූනාන්ස්, සෙල්ස් සිල්වර් වැනි සහලකෂණ මෙයට නිදසූන් ය.


7. මානසික අවපීඩනය


කායික ව හෝ මානසික ව දීර්ඝ කාලයක් පීඩාවන්ට ලක්වීම ද උස යාම අඩාල කරන්නකි. ළමයින්ට නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වීමට හිතකර පරිසරයකට රැගෙන ගිය විට නැවත හොඳින් වර්ධනය පටන් ගන්නා බව පෙනෙයි.


ඇතැම් විට මිටි බව ඇඟේ ඉහළ සහ පහළ කොටස්වලට සමාන ව බලපාන අතර, තවත් සමහර රෝගවල දී ශරීරයේ ඉහළ හෝ පහළ කොටස පමණක් වර්ධනය අඩාල බවට පත්වෙයි.


ළමයින් ගේ වයස සමඟ උස ක්‍රමාණූකුළ ව සහටන් කිරීම මඟින් මෙම වර්ධනය අඩාලවීම හොඳින් අවබෝධ කරගත හැකි ය. මීට අමතරව හෝර්මෝන ඌණතාවල දී ඊට සම්බන්ධ වෙනත් රෝග ලකෂණ ද රෝගියා තුළින් දෑකිය හැකි ය.


වර්ධක හෝර්මෝනය අඩාල වීමට දෑනට ප්‍රතිකාර ලෙස එම හෝර්මෝනය පිටතින් එන්නත් කිරීම සිදු කරයි. මෙය මිල අධික වන අතර, ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක අධීකෂණය යටතේ ප්‍රතිකාර ගැනීම කළ යූතුයි. තයිරොක්සීන් ඌණතාවට සූදුසූකම ලබා විශේෂඥ කායික රෝග වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය.


අතේ මැණික් කටූව හා ඉදිරි කොටසේ එක්ස් කිරණ ඡායාරූප මඟින් ළමයා ගේ අස්ථි වර්ධනයේ වයස |  Bone age  ලබාගත හැකිය. මෙය
ළමයා ගේ සැබෑ වයසට ගැලපේ ද, වයසින් අඩූ ද යන්න මින් නිගමනය කළ හැකි ය. රුධිර සෙල පරීකෂාව මඟින් නිතර වැළඳෙන ආසාදන පරීකෂාව ද, තයිරොක්සීන් හා වර්ධක හෝර්මෝන මටිටම මැන බැලීම ද කළ හැකිය.

මොළය තුළ වන වෙනස්කම් හඳුනා ගැනීමට CTහෝ MRI පරිකෂණ ඉවහල් වෙයි.


මේ අනූව ඔබත් උසින් අඩූ බව මානසික පීඩාවක් කරගෙන ඇත්නම් පවූලේ වෛද්‍යවරයා හමූ වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබට සහනයක් ගෙන දෙනූ ඇත.

රෝහල්වල ඖෂධ හිඟයට සෘජුවම වගකිව යුතු පාර්ශව

http://www.sundayobserver.lk/2010/12/05/z_p04-No1.jpgරෝහල්වල ඇතිවන ඖෂධ හිඟයට රෝහල් අධ්‍යක්ෂවරුන් හා කාර්ය මණ්ඩලය සෘජුවම වගකිව යුතු බව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ඖෂධ මිලදී ගැනීම සඳහා රජය හැකිතරම් ප්‍රතිපාදන ලබා දී ඇති අතර අවශ්‍යතාවයක් පැන නැගුනහොත් ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදු කිරීමට සෑම රෝහල් අධ්‍යක්ෂවරයෙකුටම විශේෂ මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ.

මේ හේතුවෙන් රෝහල්වල කිසි විටෙකත් ඖෂධ හිඟයක් ඇති නොවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මූත්‍රා රෝපණ පරීක්ෂණයක් | Urine Full Report කියන්නේ කුමක් ද?

මූත්‍රා රෝපණ පරීක්ෂණයක් |  Urine Full Report කියන්නේ කුමක් ද?
http://www.premierinfosource.com/assets/images/Urine.jpg
මූත්‍රා පූර්ණ පරීක්ෂණයේ දී බැක්ටීරියා තිබෙන බවට හඳුනා ගත්තත් ඒ කවර වර්ගයේ බැක්ටීරියා ද කියා එම පරීක්ෂණයෙන් හඳුනාගන්න අපහසූයි. ඉතින් මේ බැක්ටීරියා වර්ගය හඳුනා ගැනීමට අවශ්‍ය වන්නේ මූත්‍රා රෝපණ පරීක්ෂණයන්. ඒ වගේම මූත්‍රා ආසාදනයට දිය යූතු ප්‍රතිජීවක මොනවාද කියා හඳුනා ගැනීමට මේ මූත්‍රා රෝපණ පරිකෂණය අවශ්‍ය වෙනවා. මෙයට හේතුව තමයි සෑම බැක්ටීරියාවකට ම එකම ප්‍රතිජීවකය නොගැලපීම. ඒ කියන්නේ බැක්ටීරියා වර්ග අනූව එවා මර්දනය කිරමට විශේෂිත වූ ප්‍රතිජීවක වර්ග තිබෙනවා. වෛද්‍යවරයා මෙහි දී බොහෝ විට ඉල්ලන්නේ ප්‍රතිජීවක සංවේදී පරීක්ෂණයක් |  Urine Full Report  නැත්නම්  ABST පරීක්ෂණයක්.


පූර්ණ පරීක්ෂණයෙන් බැක්ටීරියා සූළු වශයෙන් හෝ තිබූණොත් ඒවා හරිහැටි හඳුනාගැනීමට මූත්‍රා රෝපණ පරීක්ෂණයක් වෛද්‍යවරයා නියම කරනවා.


පූර්ණ පරීක්ෂණයේදී රෝග කාරක බැක්ටීරියා නොතිබූණත්, රෝග ආසාදන ලකෂණ තිබෙනවා නම් වෛද්‍යවරයා මූත්‍රා රෝපණ පරීක්ෂණයක් ඉල්ලනවා.

රෝපණ පරීක්ෂණයේ දී කරන්නේ කුමක් ද?

 පරීක්ෂණය සඳහා ම වෙන්කර තිබෙන වීදුරු දීසිවලට රෝපණ මාධ්‍ය දමා ඒ වටා මූත්‍රා බිංදු කීපයක් දමා රෝපණය විමට දින 2ක් හෝ 3ක් පමණ තබනවා. මෙහි දී බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ දෙනවා. බැක්ටීරියා තිබෙනවා නම් පැය 72ක් වැනි කාලයක දී එම බැක්ටීරියා කොලනි වශයෙන් වර්ධනය වෙනවා. මෙහි දී මෙම රෝපණ මාධ්‍යයට ප්‍රතිජීවක අඩංගු කුඩා පෙති වර්ග ඇතුලත් කරනවා. මේ ප්‍රතිජීවක වර්ග නිසා බැක්ටීරියාවන් වැනසෙනවා නම් විදුරු දීසියේ බැක්ටීරියාවල වර්ධනයක් පෙන්නූම් කරන්නේ නෑ. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක වර්ග 6ක් හෝ 7ක් හෝ දමනවා. ප්‍රතිජීවක සංවේදී නොවේ නම් බැක්ටීරියා ගහණ හැදෙනවා. මෙමපරීක්ෂණය සඳහා ප්‍රතිජීවක වර්ග කිහිපක් ඇතුලත් කරන නිසා මූත්‍රා ආසාදනය සූව කිරමට අවශ්‍ය ප්‍රතිජීවක වර්ග මොනවාද කියා හඳුනාගැනීමට වෛද්‍යවරයාට හැකි වනවා.

 මූත්‍රා රෝපණ පරීක්ෂණයක් නිවැරැදි ව කිරමට රෝගියා විසින් අනූගමනය කළ යූතු පියවර මොනවාද?


 වෛද්‍යවරයා හමූවීමට සවස ගියොත් වෛද්‍යවරයා කියන්නේ දවසේ මූලින් ම පිටවන මූත්‍රා නියැදියක් අරගන්න කියලයි. මෙහි දී ඔබ වෛද්‍යවරයා දුන් පරිකෂණ සටහන ගෙන පරකෂණාගාරයට යා යූතු වෙනවා. මෙය පළමූවෙන් ම කළ යූතු දෙයක්. පරකෂණාගාරයෙන් රෝපණ පරකෂණය සඳහා ම සකස් කළ, එනම් ජිවාණූහරණය කර පිරිසිදු කළ කුඩා බෝතලයක් ඔබට දෙනවා. මෙම බෝතලයටයි මූත්‍රා නියැදිය ලබාගත යූත්තේ.


මේ බෝතලය ගෙනවිත් පිරිසිදු ස්ථානයකින් තබා පාන්දර මූත්‍රා ගැනීමේ දී පමණක් මූඩිය විවර කර මූත්‍රා පූරවා ඒ සැනින්ම බෝතලය මූඩියෙන් වැසිය යූතුයි.


මෙහි දී සැලකිලිමත් විය යූතු කරුණූ කිහිපයක් තිබෙනවා. බෝතලයට මූත්‍රා ගැනීමේදී ස්තී පූරුෂ දෙපක්ෂය ම මූත්‍රා පෙදෙස් පිරිසිදු වතුරෙන් හොඳින් පිරිසිදු කරගත යූතුයි. මෙය අනිවාර්යයෙන් ම කළ යූතු දෙයක්. එවැනි තැන් නිතරම අපිරිසිදු තත්ත්වයේ පසූවෙන නිසා රෝගියා ගේ දැත් පවා හොඳින් පිරිසිදු කළ යූතුයි.


මූත්‍රා බෝතලයට ලබා ගැනීමට පෙර මූල් මූත්‍රා ටික පිටවීමට ඉඩ හැර, ඊළඟට නැත්නම් මැද හරියෙන් පිටවන මූත්‍රා පමණක් ජීවානූහරණය කළ බෝතලයට එකතු කරගත යූතුයි. මෙහි දී බෝතලයට මූත්‍රා එකතු කරන අවස්ථාවේ ම බෝතලයේ මූඩිය විවර කර මූත්‍රා පිරවූණූ සැනින් ම මූඩිය වැසිය යූතුයි. මේ අවස්ථාවේදී බෝතලය ඇතුලට ඇඟිල්ලක් වත් ගියොත් කිසියම් වෙනත් විෂබීජයක් ඇතුලුවිය හැකියි. එහෙම වූණොත් නිවැරැදි වාර්තාවක් ලැබෙන්නේ නෑ.


මූත්‍රා නියැදිය පූරවා ගත් සැනින් ම වසා, හැකි ඉක්මනින් ම පරිකෂණාගාරයට ගෙන යා යූතුයි. ගෙදර තබා ගැනීම කොහෙත්ම සූදුසූ නෑ.

මූත්‍රා රෝපණ පරිකෂණ වාර්තාවක් කොපමණ කාලයකින් ලබා ගත හැකි ද?

මූත්‍රා පූර්ණ පරිකෂණයක් වගේ බාර දුන් විගසම මෙම රෝපණ පරකෂණයේ වාර්තාව ලැබෙන්නේ නෑ. මේ පරිකෂණය කර වාර්තාව ලබා ගැනීමට දින 3ක් පමණ ගත වෙනවා. එයට හේතුව තමයි රෝපණ මාධ්‍යයේ බැක්ටීරියා වර්ධනය වීමට දින 3ක් පමණ ගැනීම. කවර හෝ උසස් පහසූකම් තිබෙන පර්යේෂණාගාරයක වූවත් දින 3ක දී තමයි වාර්තාව ලැබෙන්නේ.

මෙවැනි වාර්තාවක සඳහන් වන්නේ මොනවාද?

කලින් කිව්වා වගේ ම පූර්ණ පරකෂණයට වඩා මූත්‍රා රෝපණ පරිකෂණය හාත්පසින් ම වෙනස්. මෙම වාර්තාවෙන් පළමූවෙන්ම බැක්ටීරියා දකින්නට ලැබූණ ද නැද්ද කියන එක සඳහන් වෙනවා. එය සඳහන් වන්නේ කොලනි | Colony  යනූවෙන්. බැක්ටීරියා වර්ධනයක් දකින්නට ලැබෙනවා නම් ග්‍රෝත් | Growth යනූවෙන් හා බැක්ටීරියා වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැතිනම් නෝ ග්‍රෝත් | No Growth යනූවෙන් සඳහන් වෙනවා.


බැක්ටීරියා වර්ධනයක් තිබෙනවා නම් ඒ කවර බැක්ටීයාවක් ද යන්න හඳුනාගෙන සඳහන් කර තිබෙනවා.


බොහෝ වර්තාවල බහූල ව ඊකෝලයි |  E coli  කියන වචන සඳහන් වෙලා තිබෙනවා. මෙම බැක්ටීරියාවත් බොහෝ විට මූත්‍රා ආසාදනවලට හේතු වෙනවා.


බැක්ටීරියාවේ නමට ඉදිරියෙන් පරක්ෂණයට යොදාගත් ප්‍රතිජීවකවල නම සඳහන් වෙනවා. මෙම ප්‍රතිජීවක නම් ඉදිරියේ සෙන්සිටිව් Sensitive | සංවේදී කියා හෝ රෙසිස්ටන්ටි | Resistant  නැත්නම් ප්‍රතිරෝධි කියා හෝ සඳහන් වෙනවා.


මෙහි දී  Sensitive  කියා සඳහන් වන ප්‍රතිජීවක ඖෂධය තමයි වෛද්‍යවරයා විසින් ලබා දෙන්නේ. යම් බැක්ටීරියාවක් ඉදිරියේ සඳහන් ප්‍රතිජීවකය ඉදිරියේ Resistant  කියා සඳහන් වූණොත් එම ප්‍රතිජීවක ඖෂධය ඒ ආසාදනයට ලබා දෙන්න බැහැ කියන එකයි අදහස් කරන්නේ.


රෝගය. රෝග කාරක බැක්ටීරියා හඳුනාගැනීම වගේම ප්‍රතිකාරවලින් පසූවත් මූත්‍රා රෝපණ පරකෂණයක් කිරම අත්‍යවශ්‍ය වෙනවාද?

වෛද්‍යවරයා ප්‍රතිකාර කිරමෙන් පසූවත් මෙවැනි මූත්‍රා රෝපණ පරකෂණයක් කරන්න කියා උපදෙස් දෙනවා. මෙයින් රෝගය නිටිටාවට ම සූව වෙලාද, බැක්ටීරියාa මර්දනය වෙලාද යන්න නිිවැරැදි ව බලා ගැනීමට හැකිවනවා.
මෙහි දී ඔබ දෙන උපදෙස් මොනවාද?

පිළිතුර - බොහෝ දෙනා මෙවැනි වෛද්‍ය වාර්තා ගැනිමේ දී අඩූ මූදලට පහසූවෙන් වාර්තා ලබා ගැනීමට උනන්දු වෙනවා. එය අවශ්‍ය දෙයක් වූණත් ඊටත් වඩා සැලකිය යූතු දෙයක් තිබෙනවා. ඒ තමයි පරිකෂණය සඳහා පරිකෂණාගාරය තෝරා ගැනීම. මෙහි දී වඩාත් වැදගත් වන්නේ පරිකෂණාගාරය මගින් දෙන වර්තාවයි. මේ වර්තාවට අනූවයි වෛද්‍යවරයා කටයූතු කරන්නේ. ඒ නිසා මෙවැනි පරිකෂණයක් තීරණාත්මක නිසා වඩාත් සූදුසූපරිකෂණාගාරයන් තෝරා ගැනීමයි කළ යූත්තේ. වාර්තාවේ කිසියම් අඩූපාඩූවක් නිසා ප්‍රතිකාර වැරදුණොත් හානි වන්නේ වටිනා ජීවිතයටයි. ඒ නිසා වඩාත් හොඳ පරිකෂණාගාරය තෝරා ගැනීමත්, වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයකු ලවා කියවා අවබෝධයක් ලබා ගැනීමත් ඉතාමත් වැදගත්.

මවු පදවිය පතන ඔබට

http://www.essentialoilshoppe.com/images/categories/pregnancy.jpgදරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන කාන්තාවකගේ ගර්භාෂය හා පැලෝපීය නාල පරීකෂාකර බැලීමට දැනට ලෝකයේ වැඩි වශයෙන්ම භාවිත වන පරීකෂණය නම් ලැපරස්කොපි ඩයි ටෙස්ටි පරීකෂණයයි. මෙහිදී සිදු කරන්නේ ගර්භාෂය හා ඩිම්බ කෝෂ උදර කුහරය තුළින් පරීකෂා කිරීමයි. එහිදී උදරයේ නාභියට මදක් පහළින් යෙදූ සෙ.මී. එකක කැපූමක් තුළින් කැමරාවක් සහිත උපකරණයක් යවා පරීකෂා කිරීම සිදුවෙනවා. මෙය විනාඩි 20 ක් පමණ ගතවන පරීකෂණයකි. සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමෙන් පසූවයි මේ පරීකෂණය කරන්නේ.


මෙහිදී ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නැති නම් ඒ ළඟින්ම සිදුකරන තවත් කුඩා කැපූමක් මගින් (සෙ. මී. 0.5) තවත් උපකරණයක් ඇතුළු කොට පරීකෂා කිරීම සිදු කෙරෙනවා. මෙහිදී ගර්භාෂයේ වෙනස්කම්, ෆයිබ්‍රොයිඩ්ස් තිබෙනවාද? නාලවල ප්‍රශ්න තිබෙනවාද කියන කරුණූ සියල්ලම හොඳින් දැනගන්නට පූළුවන්. ඒ වගේම එන්ඩ්‍රොමෙට්‍රියෝසීස් වැනි රෝගී තත්ත්වයන් පවා මෙහිදී හඳුනාගත හැකි වෙනවා. ඇතැම් විට වෙනත් කැපූම් නොයොදා මෙහිදී ප්‍රතිකාර පවා ලබාදෙන්නට හැකිවන අවස්ථාත් තිබෙනවා.


කැපූම් මගින් යැවූ උපකරණ තුළින් පරීකෂා කරන අතරේ යෝනි මාර්ගය හරහා එවූ ඩයි එකක් මගින්ද පරීකෂාවන් කෙරෙනවා. එම ඩයි එක ගමන් කරන මාර්ගය මෙහිදී පරීකෂා කෙරෙනවා. නමූත් මෙහිදී වටහාගන්නට ඕන මේ පරීකෂණයේදී නාල විවර හොඳින් පිහිටා තිබෙනවාද කියා පරීකෂා කිරීම පමණයි කළ හැක්කේ. ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන පරීකෂා කරන්නට සමත් පරීකෂණයක් මෙතෙක් සොයාගෙන නැහැ.


ඇතැම් විට ඔබ අහලා ඇති නාල හොඳින් පිහිටා තිබෙනවා කියා පැවසූවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවන කාන්තාවන් ගැන. ඊට හේතුව තමයි නාල හොඳින් තිබූණත් ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන දැනගන්නට ක්‍රමයක් නැතිවීම.


ලැපරස්කොපි පරීකෂණය සිදුකරන අවස්ථාවේදීම පහසූකම් තිබෙනවා නම් තවත් පරීකෂණයක් සිදු කරන්නට පූළුවන්. ඒ හිස්ටරස්කොපි  පරීකෂණය. එහිදී සිදුවන්නේ ගර්භාෂය තුළට කැමරාවක් යවා පරීකෂා කිරීමයි. ලැපරස්කොපි පරීකෂණයේදී සිදුවන්නේ ගර්භාෂයෙන් පිටත කැමරාවක් මගින් පරීකෂා කිරීමයි. හිස්ටරස්කොපි පරීකෂණයේදී දැනගන්නට පූළුවන් ගර්භාෂය තුළ ගෙඩි වැනි දේ තිබෙනවාද, දරුවෙක් පිළිසිඳ නොගැනීමට හේතු තිබෙනවාද කියා. ඇතැම් අවස්ථාවන්ට මෙහිදී ම ප්‍රතිකාර ලබාදෙනවා.


ලැපරස්කොපි හා හිස්ටරස්කොපි යන පරීකෂණ දෙක දරුවන් නැති කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරන ඉතාම සාර්ථක පරීකෂණ දෙක ලෙස හඳුන්වා දෙන්නට පූළුවන්. නමූත් මෙහිදී සම්පූර්ණ නිර්වින්දනයට ලක්කිරීමට සිදුවෙනවා. පෞද්ගලික රෝහලකදී සිදුකරනවා නම් මූදල් ද
වැය වෙනවා. ඒ වගේම මිනිත්තු 20 ක් පමණ කාලයක් ගතවෙනවා. රජයේ රෝහලක නම් රෝහල්ගත වන්නට සිදුවෙනවා.

මෙයට අමතරව හිස්ටෙරාසැල්පින්ගොග්‍රෑම් පරීකෂණය සිදුකෙරෙනවා. මෙහිදී ගර්භාෂයට ඩයි එකක් යවා එක්ස් කිරණ වාර්තාවක් මගින් පරීකෂාව සිදුකරනවා. මෙය ක්‍රම කීපයකට සිදුවෙනවා. පහසූකම් ඇති රෝහල්වල මෙය සම්පූර්ණ නිර්වින්දනයට ලක් කිරීමෙන් පසූව සිදුවෙනවා. නැතිනම් නින්ද යෑම සඳහා එන්නතක් ලබාදීමෙන් පසූව සිදුකරනවා. බොහෝවිට ගර්භාෂය හා ගැබ්ගෙල තුළින් යවන ඩයි එක පිහිටන ආකාරය එක්ස් කිරණ වාර්තාවන් දෙකක් මගින් පරීකෂා කෙරෙනවා. නමූත් නවතම ක්‍රමය නම් ඩයි එක ගර්භාෂය හරහා යවන අතරේ එක්ස් කිරණ මගින් තිරයක් මතට ලැබෙන දර්ශන ඔස්සේ ඩයි එක ගමන් කරන ආකාරය පරීකෂා කිරීමයි. එහිදී ඩයි එක ගමන් කරන තැන් හා ගමන් නොකරන තැන් හඳුනාගත හැකියි. මේ සඳහා මිනිත්තු 10/15 පමණ කාලයක් පමණයි ගතවන්නේ.http://images2.fanpop.com/images/photos/8100000/Purple-Flower-Babies-for-Sylvie-sweety-babies-8130963-1024-768.jpg
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips